Home
  • About
  • Testimonials
  • Awards & Honours
  • Book Reviews
  • Photo Gallery
  • Interviews
  • Public Comments
  • Contact

රාජ්‍ය සාහිත්‍ය සම්මානය - වසර 2000

ආර්. ස්පිට්ල් විසින් රචනා කරන ලද Wild Ceylon කෘතිය "වන ගත ලංකා" නමින් සිංහලට පරිවර්තනය කිරීම වෙනුවෙන් හොඳම පරිවර්තන කෘතියට හිමි රාජ්‍ය සම්මානය වසර 2000 දී ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාට පිරිනමන ලදී.

ප්‍රවීණ ලේඛක සම්මානය - සූරිය ප්‍රකාශක වෙතින්

විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති රැසක් දේශීය සාහිත්‍යට හඳුන්වා දීම සහ ස්වතන්ත්‍ර කෘති සම්පාදනයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය කේත අස්වැද්දීමට ඉටුකළ අගනා මෙහෙවර වෙනුවෙන් ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා වෙත සූරිය ප්‍රකාශකයෝ විසින් පිරිනමන ලදී.

රාජ්‍ය සාහිත්‍ය සම්මානය - වසර 2010

ක්‍රිස්ටීන් ස්පිට්ල් විසින් රචනා කරන ලද Christine Spittel Memoir කෘතිය "ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් " නමින් සිංහලට පරිවර්තනය කිරීම වෙනුවෙන් හොඳම පරිවර්තන කෘතියට හිමි රාජ්‍ය සම්මානය වසර 2010 දී ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාට පිරිනමන ලදී.

ජයවද්දනපුර ළීවිසැරි සම්මානය - 2016

ශ්‍රී ලංකේය කළා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉටු කරන ලද උදාර මෙහෙවර අගයනු වස් ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා වෙත ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලේදී පිරිනමන ලදී.

ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මානය - 2016

සිංහල භාෂාව සාහිත්‍යය - පරිවර්තන ග්‍රන්ථකරණය හා පුවත්පත් කලාව ඇතුළු ලේඛක ක්ෂේත්‍ර ප්‍රගමනය උදෙසා ඉටුකළා වූත් ඉටුකරමින් සිටින්නා වූත් අමිල සේවාව හා යුග මෙහෙවරට ගෞරවාචාරය දක්වනු වස්, ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සි/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද් ) සමාගම විසින් පිරිනම ලදී.
Copyright © 2022 www.premachandraalwis.lk. All rights reserved