Home
  • About
  • Testimonials
  • Awards & Honours
  • Book Reviews
  • Photo Gallery
  • Interviews
  • Public Comments
  • Contact

ප්‍රේමචන්ද්‍ර අල්විස් ගැන හෝ එතුමාගේ පොත් ගැන සටහනක් තබන්න

  • සිංහල භාෂා විශාරදයෙකු විශිෂ්රිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා comment by විජයානන්ද

    සිංහල භාෂා විශාරදයෙකු විශිෂ්ඨ භාෂා පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා දැයට දායාද කළ සිංහල භාෂා දැනීම සහ ඔබතුමාගේ අගනා පරිවර්තන කෘති මිල කළ නොහැකි වස්තුන් ලෙස මම පුද්ගලිකව සලකනවා. ඔබතුමාට තව බොහෝ වැදගත් කතුවරුන්ගේ හරවත් පොත් පරිවර්තනය කරමින් ඒ සත් කාර්යයේ යෙදෙන්න නිරෝගී බව හා මානසික ශක්තිය ලැබේවා.

  • වයසට නොයන අල්විස් මැතිතුමා comment by අරුනජිත්

    අල්විස් මැතිඳුනි, ඔබතුමාගේ අත්සන සහිත ඔබතුමා විසින් පරිවර්තනය කරන ලද වන ගත ලංකා, වන වැදුණු දොස්තර, ලක් බිමේ සත් වසක් සහ කුමාරයා යන පොත් මා සතුව ඇත. වාර්ෂික පොත් ප්‍රදර්ශනයේදී මම අත්සන ලබා ගන්නා අවස්ථා වලදී මම ඔබතුමා සමග කෙටි කතා බහකද යෙදී තියෙනවා. ඔබතුමා පරිවර්තනය කරන ලද තව බොහෝ පොත් ද මා සතුව ඇත. මෑතකදී ඔබතුමාගේ පොතක් එළි දැක්වීමක් දකින්නට ලැබුනේ නැහැ. මෙම වෙබ් අඩවියට පැමිණ විස්තර සොයා බැලීමේදී දන ගන්නට ලැබුනේ ඔබතුමාට දැන් වයස 93 පමණ බව එහෙත් මගේ මතකය නිවැරදි නම් මම අවසන් වරට ඔබතුමා දුටුවේ 2021 වර්ෂයේ මුල් භාගයේදී බොරැල්ල මංසන්දියේදී.. මම සිතුවේ ඔබතුමා අවුරුදු 75-80 පමණ වයස ඇති කෙනෙක් බවයි. අල්විස් මහතාට නිදුක් නිරෝගී බව ලැබේවා. සියලු දෙවි රැකවරණය තෙරුවන් සරණ ලැබේවා.

  • ඉංග්‍රීසි සිංහල පරිවර්තන ලෝකයේ විශිෂ්ඨයා comment by අනුර බැද්දලියනගේ

    අල්විස් මහතාගේ සියළු පරිවර්තන කෘති ඉතාම උසස් ඝනයේ පරිවර්තන වන අතර මම වඩාත්ම ප්‍රිය කරන්නේ වන ගත ලංකා, පෙම්බර ලංකා, කන්ද උඩරට සටන්, ලක් බිමේ සත් වසක්, ලක් බිමේ තවත් යුගයක්, හරිත මං පෙත් සහ හරිත තේ උයන මැද යන කෘතීන් වේ, අල්විස් මහතාගේ සිංහල භාෂා දැනුමෙන් අප රට තව තවත් පෝෂණය වේවා. ප. ලි. ඔබතුමාට මා මතක ඇතැයි සිතමි.

  • වන ගත ලංකා comment by කුමාර පෙරේරා

    අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද කෘති එකක් හොඳයි එකක් නරකයි කිව නොහැක. නමුත් ඔබතුමා විසින් පරිවර්තනය කරන ලද ආර්. එල්. ස්පිට්ල් මහතා විසින් රචනා කරනලද රාජ්‍ය සම්මාන දිනු වන ගත ලංකා පරිවර්තන කෘතිය ඉතාම ආසාවෙන් ඉතාම උනන්දුවෙන් කියවූ පොතකි. අවන්කවම කිව හොත් අල්විස් මහතාණනි, මට පරිවර්තන කෘති කියවීමට ආසාව ඇති කලේ ඔබතුමාගේ මෙම පරිවර්තන කෘතියයි. එය කියවන විට පරිවර්තනයක් යන හැගීමක්වත් දැනුනේ නැහැ. එතරම්ම එය තාත්විකයි. එතනින් පසු මම ඔබතුමාගේ තවත් පරිවර්තන කෘති කිහිපයක්මත් තවත් පරිවර්තනත් කියවීමට පටන් ගත්තා. එම ආසාව මට ඇති කර දුන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා

  • අල්විස් මහත්තයා සිටිනා තැන සිනා සාගරයකි. comment by කළුගමගේ

    අපි මොන තරම් ප්‍රශ්න ඔලුවේ තියාගෙන වැඩට ආවත් උදේම අල්විස් මහත්තයා හම්බ වෙලා විහිළුවක් දෙකක් කරපු ගමන් අපිට අර සියළු දේ අමතක වෙනවා. ඒ තරමටම ඒ ඒ මොහොතේ ඉතාම සතුටින් ජීවත් උන ඉතාම සුන්දර චරිතයක්. අල්විස් මහත්තයා ගැන ලියනවා නම් අපිට පොත් පිරෙන්න ලියන්න පුළුවන්. එතුමාගේ ඒ සැහැල්ලු මානසිකත්වයම තමා එතුමා වයස් ගත වනතුරුම ඉතාම ක්‍රියාශීලී නිරෝගී පුද්ගලයෙක් බවට පත් කලේ. නොදන්නා දෙයක් ඇසු විට ඉතාම කැමැත්තෙන් එය පහදා දෙන්නේ හරිම ලෙන්ගතු කමකින්. සෑම දෙයක් ගැනම හොඳ මතක ශක්තියකුත් එතුමාට තිබුනා. අල්විස් මහත්තයා වැනි චරිත අප සමාජයේ ඉතාම විරලයි. දැන් ලේඛන කටයුතු වලින් ඉවත් වී ඇති නමුත් දැන් වුවද දුරකතනයෙන් කතා කොට යමක් ගැන විමසු විට ඉතා කැමැත්තෙන් ඒ ගැන කියනවා. අල්විස් මහත්තයාට නිරෝගී සුවය ලැබේවා. ඔය වයසේ සිටින බොහෝ දෙනෙක් දැන් ජීවිතය ගත කරන අන්දම ගැන සිතු විට අල්විස් මහත්තයාට රෝගයක් නැත. සැබවින්ම නිරෝගීය. ඔබතුමාට තෙරුවන් සරණයි. අවසානයේ කිව යුත්තේ ඔබ වැන්නවුන් ඇසුරු කිරීම අප පින් කර තිබී ඇත.

  • අල්විස් මහතා දේශීය සාහිත්‍යට කර ඇති අපරිමිත සේවය comment by දීපානි අලවතුවල

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි ඔබතුමා දේශීය සාහිත්‍යට කර ඇති අපරිමිත සේවය පරිවර්තන කෘති වලට පමණක්ම සීමා නොවේ. සිංහල භාෂාව දැනුම වර්ධනය කරගැනීම මෙන්ම භාෂාව නිවැරදිව යොදන ආකාරය ගැන අද බොහෝ අපේ සිංහල දරුවන්ට ඇති දැනීම ඉතා අල්පය. . ඔබතුමා ඒ වෙනුවෙන් කළ සේවය අනුපමේයයි. ඔබතුමාට ඒ වෙනුවෙන් මීට වඩා අගය කිරීමක් ලැබුනා නම් තවත් අගෙයි යන්න මගේ පුද්ගලික අදහසයි. ඔබතුමාට දීර්ගායු ලැබේවා. දීපානි අලවතුවල

  • Vote comment by ප්‍රේමා ගුනසේන

    චිරංජයතු ලේඛකයාණනි

  • හරිත මං පෙත් comment by M K Nonis

    ඔබතුමාගේ සියලු පරිවර්තන කෘති ඉතාමත් උසස් ගනයේ පරිවර්තන බව මම මුලින්ම කිව යුතුයි. මාගේ වඩාත් හිත ගත්තේ හරිත මං පෙත් පරිවර්තනයයි.එම නිසා මම නැවත නැවත මෙම සටහන තබමි. ඒකාකාරී පරිවර්තන රටාවෙන් මිදුණු කියවන්නට ඉතා අසා කරන අගනා පරිවර්තනයකි. ගන වනය මැද ඒ ගත කළ ජීවිතය ඉතා රසවත් ආකාරයට විස්තර කර ඇත. මම කිහිප වතාවක්ම කියවූ පොතකි. මගේ මතකය නිවැරදි නම් මෙම පොත රාජ්‍ය සම්මානයට ද නිර්දේශ වූ පරිවර්තනයකි. ඔබතුමා ශ්‍රී ලංකේය සාහිත්‍ය කෙත බැබලවීමට කළ අගනා සේවයට ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි. නිරෝගී වේවා. තව බොහෝ කාලයක් අප අතරම පොත් අතරම ඉන්න ලැබේවා.

  • වියරණය නිවැරදිව ලියන ලේඛකයෙක් comment by චරිත ජයසිංහ

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා ගැන යමක් ලිවීම මගේ යුතුකමක් ලෙස මම හිතනවා. මගේ ප්‍රාථමික, ද්විතීය හා විශ්වවිද්‍යාල කාල වලදී මට අත්‍ වැල දුන්නේ මගේ දෙමව්පියන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සේම මම අද සිටින ක්ෂේත්‍රයේ මට මුල්ම අත්වැල ලබා දුන් මගේ මුල් ගුරුතුමා අල්විස් මහතාය කිව්වොත් එය ඉතාම නිවැරදිය. මම කිසිම පුවත් පතකට සම්බන්ධ නොවී පුහුණුවන්නෙකු ලෙස විදෙස් පුවත් පරිවර්තනය කිරීමට අවස්ථාව ලැබුනේ, එතුමා ලංකාදීප පුවත්පතේ සේවය කරන කාලයේදීයි. අද සිදු උනා සේ එම මොහොත මගේ මනසේ සටහන් වී තිබෙනවා. මම පළමු පරිවර්තනය ලියා එතුමා ලඟට ගොස් එය පෙන්වූ අවස්ථාවේ මට දුන් අවවාද අනුශාසනා අද මම පැමිණ ඇති දුරට මහත් රුකුලක් වූ බව ඉතා ආදරයෙන් සිහිපත් කරනවා. පරිවර්තනයක් කරන්නේ කොහොමද, අපි පොත්පත් කියවා දැනීම ලබා ගතයුතු ආකාරය, සමාජයේ සිදුවන කාලීන සිදුවීම් පිලිබඳ අවදියෙන් සිටිය යුතු ආකාරය මෙන්ම තව තවත් භාෂා දෙකම පිලිබඳ දැනීම ප්‍රගුණ කර ගන්නා ආකාරය ආදී නොයෙක් දේ එදා එතුමා පැහැදිලි කර දුන්නා. අල්විස් මහතාට තිබුනේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම පිලිබඳ ඉතා ගැඹුරු දැනීමක්, වියරණය නිවැරදිව ලියන ලේඛකයෙක් විදියට ඒ වෙනකොට එතුමා ඉතා ඉහල ප්‍රසාදයක් ලබා තිබුණා වගේම පත්තර කන්තෝරුව ඇතුලේ බොහෝ දෙනෙක් එතුමාගෙන් ගුරුහරු කම් ලබා ගත්තා. ඒ හැම කෙනෙකුටම දෙන්න පුළුවන් උපරිම සහයෝගය එතුමා ලබා දුන්නේ ඉතාම කැමැත්තෙන්. විශේෂයෙන්ම තරුණ අපිව දිරිමත් කළා. උසට සරිලන මහත ඇති, පිරිපුන්, ඒ අව්‍යාජ සිනහව හිමි අව්‍යාජ ගත්කතුවරයාගේ සේවය අප සමාජයට තව තවත් ලබා ගන්නට හැකි වේවා යන්න මගේ එකම පැතුමයි. අල්විස් මහතාට දීර්ඝායු ලැබේවා. තව තවත් අපේ සමාජය ඔබේ හැකියාවන් වලින් පෝෂණය කරන්නට ඔබතුමාට දහිරිය, ශක්තිය, තෙරුවන් සරණ සහ සියළු දෙවි රැකවරණය ලැබේවා. ඔබතුමා නිසා පන්නරය ලැබූ සහ ඒ තුලින් ලොව දිනූ, මම, චරිත ජයසිංහ

  • Great Translations comment by wimal amunuwawa

    ක්‍රිස්ටීන් ස්පිට්ල් මහත්මියගේ ඔබතුමා පරිවර්තනය කළ පොත් තුනම මා සතුව ඇත. ශල්‍ය ‌ චෛද්‍ය ආර් එල් ස්පිට්ල් මහතාගේ එකම දියණිය සිය පියාගේ සෙවනේ කුඩා කළ පටන් හැදී වැඩී ගත කළ ඒ රසබර ජීවිත අත්දැකීම් ඔබතුමා ඉතා අලංකාර ලෙස පරිවර්තනය කර ඇත. මෙම පොත පමණක් නොව ඔබතුමාගේ සියළු පරිවර්තන කෘති අති සාර්ථකය. දොස්තර ස්පිට්ල් මහතාගේ පොතේ පරිවර්තනයක් වන ගත ලංකා පොතද ඉතාම සිත් ගන්නා ආකාරයට පරිවර්තනය කර ඇත. එවන් වටිනා පරිවර්තන කෘති අපට ලබා දුන් ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.

  • නිහතමානී මිනිසුන් අපේ සමාජයේ හරිම විරලයි comment by ධනංජය කිත්සිරි

    අල්විස් මහතා සමග ඉතාම සුළු කාලයක් මට එකට වැඩ කිරීමට අවස්ථාව ලැබුනත් මම විශ්වවිද්‍යාලයට තේරීමෙන් අනතුරුව මට ඔබතුමාට සමුදෙන්නට සිදු උනත් නිතරම ඔබතුමාගේ පරිවර්තන කෘති කියවනවා. ඔබතුමා තවමත් සිංහල පාඨකයා වෙනුවෙන් ඇප කැප වන බව ඇසීම පවා ප්‍රීතියට කරුණකි.ඔබ වැනි සුන්දර තරුණ අපට උදව් කරන සියළු දන්නා දේ නොසඟවා අපට කියා දුන් නිහතමානී මිනිසුන් අපේ සමාජයේ හරිම විරලයි. දීර්ගායු වේවා සර්.

  • පරිවර්තන කලාවට කර ඇති සේවය ඉතා වටිනවා comment by මාලා නන්දනී

    අල්විස් මහත්මයාණනි, මම ඔබතුමාව දන අඳුර ගත්තේ ඔබතුමාගේ නිවැරදි වහර පාඩම් මාලාව පරිශීලනය කළ පසුවයි. පසු කාලයේදී මම නිවැරදි වහර 1 සහ නිවැරදි වහර 2 යන පොත් දෙකම මිලදී ගත්තා. ඉන් පසු ව මම ඔබ තුමාගේ පරාවර්තන ග්‍රන්ථ බොහොමයකම් කියෙව්වා. සමහර පොත් මිලදී ගත්තා. සමහර පොත් පුස්තකාල වලට ගොස් කියෙව්වා. මට අහම්බයෙන් මෙන් මෙම ප්‍රේමචන්ද්‍ර අල්විස් කියන වෙබ් අඩවිය දැක ගන්නට ලැබුනා, ඔබතුමා ගැන බොහෝ විස්තර මෙමගින් දන ගත්තා. ඔබතුමා සිංහල භාෂාවට සහ පරිවර්තන කලාවට කර ඇති සේවය ඉතා වටිනවා. හැකියාවක් ලැබුනොත් අනුර රාජගුරු මහතා හා සම්බන්ධ වී ඔබතුමා බැලීමට එන්නම්. ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි.

  • නිවැරදි වහර comment by Wijebandara

    අල්විස් මහතාගේ නිවැරදි වහර පොත් දෙකෙන් සහ එතුමාගේ පද රුත් විදි පොතෙන් බොහෝ ප්‍රයෝජන ගත්තෙමි . ඔබතුමාගේ සරල පැහැදිලි කිරීම් ඉතාම වටිනවා. ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයා නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණ සියළු දෙවි රැකවරනය ලැබේවා.

  • පෙම්බර ලංකා comment by විග්නේශ්වරන්

    සිංහල, දමිළ , මුස්ලිම් ජාතින් අතර පැවති ප්‍රබල සමගිය ගැන ඉතා හොඳ විග්‍රහයක් කරන මෙම ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජන කොටස් වල විවිධ සංස්කෘතික ලක්ෂණත් මිත්‍යා විශ්වාස හ ඇදහිලි යනාදියත් ඉතා හොඳින් විග්‍රහ කරනවා . ඇත්තවශයෙන්ම අල්විස් මැතිතුමනි මෙවන් කෘති තව තවත් බිහි විය යුතු බව මගේ අදහසයි. මට මතකයි ඔබතුමා දිනක් මා සමග පැවසුවා ඔබතුමන් සිය බිරිඳ සහ දරුවන් සමග යාපනයේ සංචාරය කළ අවස්තාවක දෙමළ දොස්තර මහත්මයකු සහ ඔහුගේ බිරිඳ ඔබලාට කලින් දැන හඳුනුම්කමකුත් නැතිව ඉතා හොඳින් ආගන්තුක සත්කාර කළ ආකාරය . ඔබතුමාට දීර්ඝායු ලැබේවා. දෙවි පිහිටයි.

  • ඔබතුමාගේ දැනුමෙන් හැකියාවෙන් සිංහල පාඨක අප පෝෂණය කරන්නට වාසනාව ලැබේවා comment by මානෙල්

    අල්විස් මැතිතුමනි ඔබතුමා ලංකාදීප පුවත්පතේ කතෘ මණ්ඩලයේ සේවය කරන කාලයේ ලංකාදීප පුවත්පතට සිංහල පාඩම් මාලා ලිපි පෙළ ඉදිරිපත් කරන කාලයේදී මම ඔබතුමාට බොහෝ අවස්ථා වල දුරකථනයෙන් කතා කර මට ඇති ගැටළු නිරාකරණය කරගෙන තියනවා. ඒ සෑම අවස්ථාවකම ඔබතුමා ඉතා නිහතමානීව මට ඒ ගැටළු නිරාකරණය කර දුන්නා. ඔබතුමාට කෘතගුණ සැලකීමක් ලෙස මේ සටහන ලියන්නට සිතුනා. ඔබතුමා රෝගාතුර වී නමුත් දැන් සුව අතට හැරී ඇති බව දැන ගත්තා. ඔබතුමාට නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් සුවෙන් සැපෙන් ඉන්නට ලැබේවා. ඔබතුමාගේ දැනුමෙන් හැකියාවෙන් සිංහල පාඨක අප පෝෂණය කරන්නට වාසනාව ලැබේවා

  • නොක්ස් දුටු ලක්දිව comment by Douglas Perera

    පහත සටහනක දක්වන ලද මෙම කියමන මම ද සනාථ කරමි. මෙම පරිවර්තන කෘතිය ඉතාමත් සාර්ථක පරිවර්තන කෘතියකි. මුල් පොත කියවූ මට මෙම පරිවර්තනය මුල් කෘතියට වඩා රසවත් ඇඟට දැනෙන බවක් ඇත. මෙය ප්‍රේමචන්ද්‍ර දුටු ලක්දිව සේ කීමට මම මාලි වන්නේ නැත. එසේ කීමෙන් මම මුල් අයිතිකරු වූ රොබට් නොක්ස් හට අගතියක් කිරීමට අදහස් නොකරමි. ඔබතුමාහේ පරිවර්තනයේ සාර්ථකත්වය තහවුරු කිරීම පමණි. තව තවත් අගනා පරිවර්තන කෘති දැයට දායාද කරන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා.

  • ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් comment by අසෝකා මානවඩු

    සුප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතික ශල්‍ය ‌ චෛද්‍ය ආර් එල් ස්පිට්ල් මහතාගේ එකම දියණිය සිය පියාගේ සෙවනේ කුඩා කළ පටන් හැදී වැඩී ලබා ගත් ඒ සුන්දර අත්දැකීම් අල්විස් මහතා ඉතා තාත්ත්වික ලෙස, කියවීමට ඇබ්බැහි වන ආකාරයට පරිවර්තනය කර ඇත. ඔබතුමාගේ සියළු පරිවර්තන කෘති අති සාර්ථකය. අති විශිෂ්ඨය. ඔබතුමාට දීර්ඝායු ලැබේවා.

  • නිදුක් නිරෝගී වේවා comment by piyal Perera

    අල්විස් මහතාට නිදුක් නිරෝගී බව සහ සැනසීම ලැබේවා.

  • ඔබතුමාගේ කීර්ති නාමයත්, ඔබතුමාගේ බුද්ධිමය දෙපලත් කිසිවකුට සොරා කෑමට ඉඩ නොතැබිය යුතුය comment by මාධවී පෙරේරා

    අල්විස් මහතාණනි, ඔබ වැන්නවුන් අද මිහිපිට සොයා ගැනීම ඉතා අසීරුය. ඔබතුමාගේ කීර්ති නාමයත්, ඔබතුමාගේ බුද්ධිමය දෙපලත් කිසිවකුට සොරා කෑමට ඉඩ නොතැබිය යුතුය. ඔබතුමා එවැනි දේ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වනවා විය හැක. නමුත් ඔබතුමාගේ තාක්ෂණ දැනීමේ අඩු බව ප්‍රයෝජනයට ගෙන එවැන්නක් සිදු වීමට ගිය බව අපට මාධ්‍යවේදීන් ලෙස දැන ගැනීමට ලැබුනා. නමුත් ඔබතුමාගේ දියණිය නිශානි අමරසිංහ මහත්මිය සහ ඔබතුමාගේ පොත් ප්‍රකාශක සුරිය ප්‍රකාශක අධිපති අතුල ජයකොඩි මහතාගේ මැදිහත් වීමෙන් එය වලක්වා ගැනීමට හැකි වුන බව අපට දැන ගන්නට ලැබුනා. ඔබතුමාගේ පරිවර්තන කෘති අලලා ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් චිත්‍රපටි සෑදීමටත් ඒ අය ව්‍යාජ උනන්දුවක් පෙන්වා ඔබතුමා නොමග යැවීමට උත්සාහයක යෙදුන බව දැන ගන්නට ලැබුනා. මෙය මම මෙම පිටුවේ පල කිරීමට තීරණය කලේ ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා මේ ලෝකයේ මිනිස් වෙසින් එන තිරිසනුන් හිරිහැර කරන බව මෙය කියවන පාඨකයාට දන ගැනීමට සැලැස්වීම සඳහාය. කනගාටුවට කරුණ නම් මේ සඳහා මැදිහත් වී ඇත්තේ තමන්ගේ ම නෑදැයින් කියා ඔබතුමාගේ කීර්ති නාමය ඉදිරියට දා ගත් ඒ මගින් තමන් බැබලීමට උත්සාහ ගත් තැනැත්තියක් වීමය. අල්විස් මහතාණනි ඉතා ඉක්මනින් ඔබතුමාට මනුෂ්‍ය ආශ්‍රය ලැබේවා. ඔබතුමාට තවමත් ඔබතුමාගේ දැනුමෙන් අපව පෝෂණය කරන්නට හැකි බව අපට විශ්වාසයි.

  • විශිෂ්ඨ ලේඛකයා comment by Manel koslanda

    ඔබතුමාගේ සියළු කෘති සහ සියළු පරිවර්තන කෘති ඉතාම වටිනවා. ඊටත් වඩා ඔබතුමා සිංහල සාහිත්‍යට කළ සේවය අනුපමේයයි. අල්විස් මහතාණනි ඔබතුමාට දීර්ඝායු ලැබේවා, කායික නිරෝගී බව ලැබේවා. මානසික සැනසුම ලැබේවා.

  • Wild Ceylon comment by සුමුදු පළිහවඩන අරංගල සිට

    මම ආර්. එල්. ස්පිට්ල් මහතාගේ Wild Ceylon කෘතිය සහ ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ වන ගත ලංකා පරිවර්ථන කෘතිය ද කියවා ඇත. වන ගත ලංකා පරිවර්තනය මා කියැවූ හොඳම පරිවර්තනය කිව හොත් එය ඉතා නිවැරදිය. එය එතරම්ම වනයේ ජීවත් කරවන කෘතියකි. පරිවර්තන කෘතියක් කිව නොහැකි තරමටම තාත්විකය. මීට අමතරව මම ඔබතුමාගේ බොහෝ පරිවර්තන කෘති කියවා තිබෙනවා. වන වැදුණු දොස්තර, අහිංසකයා, ලංකාව ගැන ලියුම් වැනි අගනා පරිවර්තන මම කියවා තිබෙනවා. තව තවත් මෙවන් අගනා පරිවර්තන කරන්නට අල්විස් මහතාට ශක්තිය ලැබේවා.

  • සිංහල භාෂා ලිපි පෙළ comment by වනිගරත්න

    අල්විස් මහතාණනි, ඔබතුමා ලංකාදීප පුවත් පතේ පදරුත් විදි නමින් පළ කල ලිපි මාලාව සහ නිවැරදි වහර පාඩම් මාලාව ඉදිරිපත් කරන කාලයේ මම ඔබතුමාට දුරකතනයෙන් කතා කොට බොහෝ දේ පැහැදිලි කර ගත්තා. ඔබතුමාට මා ගැන මතක ඇති කියා සිතනවා. එවන් සරල ආකාරයට සිංහල භාෂා රීති පැහැදිලි කළ වෙනත් අවස්තාවක් මගේ මතකයේ නම් නැහැ. ඉතාම වටිනා ලිපි පෙළක්. ඔබතුමාගේ පරිවර්තන කෘති ද ඉතාම විශිෂ්ඨ බව කිව යුතුමය. චිරං ජයතු අල්විස් මැතිතුමනි.

  • කන්ද උඩරට සටන් comment by සුරංග ලක්මාල්

    මට මාගේ පශචාත් උපාධියේ පර්යේෂණ අවසාන කටයුතු කරගෙන යාමේදී ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද කන්ද උඩරට සටන් කෘතිය සහ එහි අන්තර්ගත කර ඇති ලියුම් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් උනා. මට ඉංග්‍රීසි භාෂා යම් දැනුමක් තිබුනද Kandyan Wars මුල් කෘතිය භාවිතා කර මට හොඳ දැනීමක් ගැනීමට අමාරු උනා.. ඉන්පසු මම ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා ගේ පරිවර්තනය වන කන්ද උඩරට සටන් පරිවර්තන කෘතිය මිලදී ගෙන ඉන් මගේ පර්යේෂණ කටයුතු සාර්ථක කර ගත්තා. අල්විස් මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද ඉතා වටිනා ඉංග්‍රීසි කෘති වල සිංහල පරිවර්තන මා කියවා තිබෙනවා. විශේෂයෙන්ම ස්පිට්ල් මහතා විසින් රචිත පොත්. අල්විස් මැතිතුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් comment by අනෝමා හේවාගම

    දක්ෂ ශල්‍ය ‌ චෛද්‍යවරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු ද වන ආර් එල් ස්පිට්ල් මහතාගේ එකම දියණිය සිය පියාගේ සෙවනේ කුඩා කළ පටන් හැදී වැඩී ගත කළ ඒ රසබර ජීවිත අත්දැකීම් එතුමිය වචනයට නගා ඇති ආකාරය මෙන්ම, ඔබතුමා ද ඉතා අලංකාර ලෙස, කියවීමේ ප්‍රියතාවය දනවන ලෙස ඇයගේ මුල් කෘතියේ රසය රැකගෙන පරිවර්තනය කර ඇත. මෙම පොත පමණක් නොව ඔබතුමාගේ සියළු පරිවර්තන කෘති අති සාර්ථකය. ඔබතුමාගේ බොහෝ පරිවර්තන කෘති මා සතුව ඇත.

  • ද්වී භාෂා විශාරද comment by ජයරත්න බණ්ඩාර කොස්හින්න

    සිංහල භාෂා විශාරදයෙකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා දැයට දායාද කළ සිංහල භාෂා දැනීම සහ ඔබතුමාගේ අගනා පරිවර්තන කෘති මිල කළ නොහැකි වස්තුන් හැටියටයි .මම පුද්ගලිකව සලකන්නේ. ඔබතුමාට තව බොහෝ කාලයක් ඒ අනගි සත් කාර්යයේ යෙදෙන්න නිරෝගී බව හා මානසික ශක්තිය ලැබේවා.

  • අව්‍යාජ මිනිසා comment by මාධවී

    මට නම් කියන්න තියෙන්නේ අල්විස් මහත්තයාගේ පොත් ගැන නෙමෙයි. අල්විස් මහත්තයා කියන ඒ අව්‍යාජ, නිහතමානී, විනෝදකාමී සහ හැම විටම තම රාජකාරිය හරියටම ඉටු කරන ගමන් අපි හැම දෙනාවම විහිළුවෙන් තහළුවෙන් සතුටු කරපු ඒ උත්තුංග මිනිසා ගැනයි. අල්විස් මහත්තයා අපි වගේ තරුණ මාධ්‍යවේදීන්ට දුන් අවවාද අනුශාසනා අප්‍රමාණයි. අපි ඕනෙම වෙලාවක සිංහල වචනෙක තේරුම ඇහුවත් එකත් හොඳින්ම දන්නවා. ඉංග්‍රීසි වචනෙක තේරුම ඇහුවත් එකත් හොඳින්ම දන්නවා. ගැමි වහරේ භාවිතා කළ වචනෙක තේරුම ඇහුවත් එකත් දන්නවා. දෙමළත් සාමාන්‍ය ප්‍රමාණයකට දන්නවා. අල්විස් මහත්තයාගෙන් අපි වගේ අය ලබා ගත සේවය අප්‍රමානයි. ඉතින් අපි අද යම් තැනක ඉන්නවා නම් ඔබතුමා වැන්නවුන් ඒවාට නිහඬව දායක වුනු උතුම් චරිත. මගේ එකම ප්‍රාර්ථනාව අල්විස් මහත්තයාගේ ද්වී භාෂා දැනුමට අමතරව ඒ අව්‍යාජ සිනහව සහ ඇසුර අපේ සමාජයට තව දුරටත් ලැබේවා යන්නයි.

  • නිවැරදි වහර පාඩම් comment by කමලා වීරවර්ධන

    අල්විස් මහතාණනි, මම සිංහල භාෂාව ඉගැන්වූ විශ්‍රාමික පාසල් ගුරුවරියක් වෙමි.. නිවැරදි වහර පාඩම් මාලාවෙන් මා ඉගෙන ගත් දේ බොහෝයි. ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි. තෙරුවන් සරණයි.

  • කළ සේවයට උපහාරයක්ම වේවා comment by ප්‍රසන්න අලහකෝන්

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්මයා කියන්නේ රටම අගය කරන ද්වී භාෂා උගතෙකි. එමෙන්ම නිහතමානී මහත්මා ගුණ ඇති මහත්මයෙකි. මෙම සටහන එතුමා සිංහල පාඨකයා වෙනුවෙන් කළ සේවයට උපහාරයක්ම වේවා. ස්තුතියි අල්විස් මැතිතුමනි.

  • ස්තුතියි අල්විස් මැතිතුමනි . comment by විමලා අරංගල

    අල්විස් මහතාණනි ඉතා අගනා වටිනා ඉංග්‍රීසි කෘති රැසක් ඉතාම තාත්වික ආකාරයට සරලව එහෙත් මුල් කෘතියේ සියළු රස මුසු දෑ ඇතුලත්ව සිංහලට පරිවර්තනය කිරීමෙන් ඔබතුමා අප රටට හා විශේෂයෙන්ම අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කළ අනුපමේය සේවයට අපි ඉතා නිහතමානිව ඔබතුමාට ස්තුති කරමු. ඔබතුමාට නිදුක් නිරෝගී වේවා.

  • ශ්‍රේෂ්ඨ ලේඛකයණනි comment by Manel Watawala

    ප්‍රේමචන්ද්‍ර අල්විස් ශ්‍රේෂ්ඨ ලේඛකයණනි, මා කියවා ඇති හොඳම පරිවර්තන කෘති තුන වන්නේ ඔබතුමා විසින් පරිවර්තනය කරන ලද වන ගත ලංකා, වන වැදුණු දොස්තර සහ ලක් බිබේ සත් වසක් යන කෘතියි. මේ බව පවසන්නේ හුදෙක් ඔබතුමාගේ සිත සතුටු කිරීමට නොව ඔබතුමා ඔබතුමා අපේ සමාජයට කළ සේවය ගැන නිරහංකාර ආඩම්බරයක් ඇති කර ගැනීමටයි. ස්තුතියි අග්‍රගන්‍ය ලේඛකයණනි, දිගු කල් දිනේවා.!

  • වන වැදුණු දොස්තර comment by මල්කාන්ති උඩුවර

    මම ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයාගේ පරිවර්තන කෘති සියල්ලම කියවා ඇත. බොහොමයක් පොත් මා සතුව ඇත. එයට හේතුව ඔබතුමාගේ පරිවර්තන වල ඇති කියවීමට හිත ඇදී යන බව, සරල බව හා තාත්වික බවයි. එයිනුත් මම වඩාත්ම ප්‍රිය කරන්නේ වණ වැදුණු දොස්තර පරිවර්තන කෘතියටයි. මා බලාපොරොත්තු වූයේ වණ වැදුණු දොස්තර පරිවර්තනයටද සම්මානයක් ලැබේය කියාය. ඊට අමතරව ඔබතුමා අපේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර ගැනීමට අත්වැලක් සේ පළ කළ නිවැරදි වහර පාඩම් මාලාවද ඉතා අගනේය. ප්‍රේමචන්ද්‍ර අල්විස් මැතිතුමනි ඔබතුමා ඉතා වටිනා ඉංග්‍රීසි කෘති සිංහලට පරිවර්තනය කිරීමෙන් ශ්‍රී ලාංකික සිංහල පාඨකයාට කළ සේවය මිල කළ නොහැකිය. ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.

  • BestWeb 2022 ජයග්‍රණය ලැබේවා. comment by චරිත ජයසිංහ

    පුහුණු වීම සඳහා ලංකාදීප පත්තරේට සම්බන්ධ වූ තරුණ මට එදා පළමු දිනයේදීම ලබා දුන් අවවාද අද මට ලොව දිනීමට උපකාර වී ඇත. 92 වැනි විය පසු කරත් තවමත් ශ්‍රී ලාංකික පාඨකයා දැනුමෙන් පෝෂණය කරන්නට වෙර දරන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයාගේ නිළ වෙබ් අඩවියට BestWeb 2022 තරඟාවලියේ ජයග්‍රහණයක් හිමි වේවා යන්න මගේ පැතුම සහ සිංහල පාඨක අප හැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි. ඔබතුමාට ජයෙන් ජයම වේවා.

  • පාර්ලිමේන්තු ක්‍රියාදාමය comment by විමලානන්ද

    අල්විස් මහතාණනි ඔබතුමාගේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය පොත ඉතාම හොඳින් එහි කටයුතු පැහැදිලි කළ ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට මැනවින් අවබෝධ කර ගත හැකි ඉතාම වටිනා පොතකි. ඔබතුමාට විවේකයක් තිබේ නම් අපේ රටේ ව්‍යවස්ථාව ගැන එවැනි සරල පොතක් ඉදිරිපත් කළ හැකි නම් ඉතාම වටිනවා. එමෙන්ම ඔබතුමා ඉතා වටිනා ඉංග්‍රීසි පොත් බොහොමයක් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. එම පරිවර්තන කෘති ඉතාම අනර්ඝයි. බොහොම ස්තුතියි අල්විස් මැතිතුමනි අප රටට කළ සේවයට සහ තවදුරටත් කරමින් පවතින සේවයට.

  • නිහතමානි විද්වතෙක්. comment by දයා අමරවංශ

    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය රංග කලන්සූරිය සහ තිලකරත්න කුරුවිට බණ්ඩාර වැනි මාධ්‍ය ලෝකයේ දැවැන්තයින් සඳහන් කර ඇති පරිදිම ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයා කියන්නේ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම ගැන හසල දැනුමක් ඇති ඉතා නිහතමානි විද්වතෙක්. ඔබතුමා තවමත් සිංහල පාඨකයා වෙනුවෙන් ඇප කැප වන බව ඇසීම පවා ප්‍රීතියට කරුණකි. ඔබතුමාට දීර්ඝායු වේවා. නිදුක් වේවා. තෙරුවන් සරණයි.

  • The Prince - කුමාරයා comment by නිමල් අතාවුද

    අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද The Prince - කුමාරයා පොත මේ දින වල ඉතා වේගයෙන් අලෙවි වන බව දන ගන්නට ලැබී තිබේ. එම පොතෙහි අද අපේ රටේ තත්වය පිළිබිඹු වන කරුණු බොහොමයක් අන්තර්ගත වන බව සැබෑය. ඔබතුමා පරිවර්තනය කළ සියළු පොත් ඉතාම වටිනවා. ඔබතුමාගේ පරිවර්තන කෘති 20 ක් පමණ මා සතුව ඇත.

  • සුදු වැද්දා comment by නිර්මලා චතුරංගි

    අල්විස් මහත්මයාගේ සුදු වැද්දා පරිවර්තන කෘතිය අපිත් රස විඳපු දැන් මගේ පුතාත් ඉතාම ආසාවෙන් කියවන පොතක්. ඔබතුමා මට මුණ ගැසුනේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සූරිය ප්‍රකාශකයන් ගේ ප්‍රදර්ශන කුටියෙදීයි. මගේ සුදු වැද්දා පොතේ ඔබතුමාගේ අත්සන ද තබා ඇත. ඔබතුමාට මතකද දන්නේ නෑ එදා වුනු සිද්ධිය ඔබතුමා මගේ සුදු වැද්දා පොතේ අත්සන තබනු දුටු මගේ පුතාට එයා මිලදී ගත වෙනත් ළමා කතන්දර පොතකත් ඔබතුමාගේ අත්සන තබා ගැනීමට වුවමනා උනා. එයාට එදා තේරුනේ නැහැ ඔබතුමා අත්සන තබන්නේ ඔබතුමාගේ පොත් වලට බව. නමුත් ඔබතුමා ඉතා නිහතමානීව මගේ පුංචි පුතාගේ පොතේ අත්සනක් තබා ඔහු සන්සුන් කළා. ස්තුතියි මැතිතුමනි ඔබවන් නිහතමානී චරිත සොයා ගැනීම ඉතා අසීරු කාලයක් මේක. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • ඔබතුමා දේශීය සාහිත්‍යට කර ඇති සේවය අනුපමේයයි comment by අනුලා හෙට්ටිආරච්චි

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි ඔබතුමා දේශීය සාහිත්‍යට කර ඇති සේවය රචනා කරන ලද වටිනා ලිපි, පරිවර්තන කෘති පමණක්ම නොවේ අපේ දරුවන්ගේ සිංහල භාෂාව දැනුම වර්ධනය කරගැනීමට උදව් වූ පොත් ද ඒ අතර වෙනාඅ. උදාහරණයක් ලෙස නිවැරදි වහර ග්‍රන්ථ දෙක වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් වටිනවා. භාෂාව නිවැරදිව යොදන ආකාරය අද බොහෝ දෙනා දන්නේ නැහැ. ඔබතුමා ඒ වෙනුවෙන් කළ සේවය අනුපමේයයි. ඔබතුමාට දීර්ගායු ලැබේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • නරුමයන් සිටින ලෝකයක ජීවත් වීමට ලැබීමද අභාග්‍යකි comment by Saman

    අල්විස් මහත්තයාගේ නරපති ලියර් පොතත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් ගොඩේ ඊයේ දැක ගන්නට ලැබුනා. ඒ මහා අපරාධය දැක දෑසට කඳුළු නැගුනා. දේශපාලනය සහ පොත් වල වටිනාකම අඳුරා ගත නොහැකි නරුමයන් සිටින ලෝකයක ජීවත් වීමට ලැබීමද අභාග්‍යකි. අල්විස් මහත්තයෝ ඔබතුමාට තේරෙනවා ඇති තමන් වට කරගෙන සිටින තමන් ගේ පොත් මොන තරම් සහනයක් සිතට දෙනවාද කියලා.

  • උපන් දින තෑග්ගක් comment by ආනන්ද වීරක්කොඩි

    ඔබතුමාගේ හරිත තේ උයන මැද කෘතිය මට මගේ හිතවත් කෙනෙකුගෙන් ලැබුණු උපන් දින තෑග්ගක්. එය ඉතාම හරවත් පොතක්. ඔබතුමාගේ පරිවර්තනයත් ඉතා ම රසවත්. අපි ඉන්නේ පින් බිමක් උඩ. එහෙත් අපි ප්‍රයෝජන ගන්නේ නැහැ. එම පොත කියවීමෙන් පසු මම ඔබතුමාගේ පරිවර්තන කෘති බොහොමයක් මිලදී ගත්තා. මට එම පොත තෑගී කල මගේ මිතුරා උපාලි අරබෙවෙල. ඔබතුමාට මතක ඇති. ඔබතුමා තවමත් පරිවර්තන කලාවේ යෙදී සිටින බව පුවත් පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ දන ගන්නට ලැබුනා. ඉතාම සතුටුයි ඒ ගැන.

  • ලෝකෝපකාරය comment by එරංග කරලියද්ද

    අල්විස් මහතාණනි ඔබතුමා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද ලෝකෝපකාරය පොත් 10 ක් මම ඒ දවස් වල කැනඩාවේ මගේ මිතුරන් පිරිසකට ඇරියා. දැන් එම පොත මිලදී ගැනීමට නැත. ඔබතුමාගේ බොහෝ පරිවර්තන විශේෂයෙන්ම දොස්තර ස්පිට්ල් මහතාගේ පොත් වල පරිවර්තන මා කියවා ඇත. ඒවා ඉතාම අගනා වටිනා පරිවර්තන කෘති බව කිව යුතුයි. ජය වේවා මැතිතුමනි.

  • හෑන්ස් ගේ ගෝනා අද සිටියා නම් comment by පියල් ජනශාන්ත

    ඔබතුමාගේ සුදු වැද්දා පරිවර්තන කෘතියේ සිටින හෑන්ස් නිතර ගමන් බිමන් යාමට භාවිතා කල ගෝනා අද සිටියා නම් කියල හිතෙනවා අල්විස් මහත්තයා. අද අපිට වාහන තියාගෙන පෙට්රෝල් ටිකක් නැතුව විඳින දුකට. අල්විස් මහත්තයාගේ මා කියවා ඇති සියළු පරිවර්තන ඉතා ම ත් තාත්විකය. ඔබතුමාට තව තවත් එවැනි කෘති එළි දක්වන්නට ලැබේවා.

  • පැදි පොකුර comment by සෝමදාස රුවන්පුර

    මම මේ මෑතක් වනතුරුම ඔබතුමාගේ පරිවර්තන කෘති පමණයි කියවා තිබුනේ. නමුත් මෑතකදී පරණ පොත් කඩයකදී මට අවශ්‍ය පොතක් සොයමින් සිටියදී ඔබතුමාගේ නම දුටු නිසා ඔබතුමාගේ පැදි පොකුර පොත මිලදී ගත්තා. ඔබතුමාගේ තවත් හැකියාවක් දැන ගත්තා. ඉතා සතුටුයි අල්විස් මැතිතුමනි. තෙරුවන් සරණයි.

  • වන වැදුණු දොස්තර comment by විමල් විමලවීර

    අල්විස් මහත්තයාගේ වන වැදුණු දොස්තර පරිවර්තන කෘතිය දොරට වැඩුණු දා මම එම උත්සවයට සහභාගී උනා. ඔබතුමාගේත් ක්‍රිස්ටීන් ස්පිට්ල් මහත්මියගේත් අත්සන් සහිත පොතක් ද මා සතුව ඇත. ඔබතුමාට දිගාසිරි වේවා. තව තවත් එවැනි හරවත් දෑ අපේ සිංහල පාඨකයාට දෙන්නට හැකි වේවා.

  • පැදි පොකුර comment by ප්‍රේමරත්න

    අල්විස් මැතිතුමනි පැදි පොකුර ඉතා රසවත් පද වැල් ගොඩකි. එහෙම නැත්නම් පැදි පොකුරකි. නැවත මුද්‍රණය කරන මෙන් ඉල්ලා සිටිමි.

  • ස්පිට්ල් කෘති comment by ආරියදාස ජයවර්ධන

    අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද දොස්තර ආර් එල් ස්පිට්ල් මහතාගේ කෘති සියල්ලම ඉතා හරවත්ය. රසවත්ය. ස්පිට්ල් මහතාගේ හෝ ක්‍රිස්ටීන් ස්පිට්ල් මහත්මියගේ තවත් කෘති ඔබතුමා අතින් පරිවර්තනය වන තුරු බලා සිටිමු. මම ඔබතුමාට දුරකතනයෙන් කිහිප විටක් කතා කර ඇති මුත් මුණ ගැසී නැත. මමත් දැන් විශ්‍රාමිකයි. ඔබතුමාට තෙරුවන් බලෙන් සියළු යහපත සිද්ධ වේවා.

  • පුරුදු පාර comment by විල්සන් කලුආරච්ච්චි

    පුරුදු පාර පරිවර්තන කෘතිය මම මීට අවුරුදු ගණනකට පෙර කියැවූ පොතකි. ඔබතුමාගේ FB පිටුවේ මේ ගැන සඳහන් වී තිබෙනු දැක මගේ මතකය අලුත් වූ අතර ඔබතුමාගේ වෙබ් අඩවියේ ඒ ගැන සටහනක් තැබීම වඩාත් උචිත යයි සිතුනා. එම පරිවර්තනය ඔබතුමා විසින් කරන ලද පරිවර්තන වන වන ගත ලංකා සහ වන වැදුණු දොස්තර වැනි කෘති වලට වඩා වෙනස් ආරයකට ලියවී ඇති නමුත් ඉතා රසවත්ය. තව තවත් සිංහල කියවන අපට එවැනි පරිවර්තන කෘති ලබා දීමට ඔබතුමාට හැකි වේවා.

  • ලංකාව ගැන ලියුම් comment by කිංස්ලි වීරවංශ

    කන්ද උඩරට රාජ්‍ය කාලය පිලිබඳ අප නොදත් තොරතුරු බොහොමයක් මෙම පොතෙහි ඇතුලත් ලිපි නිසා දැනගන්නට ලැබුනා. ඉතිහාසයේ සැඟවී ගිය රහස් බොහොමයක් මෙම පොත කියවීම මගින් ඉගෙන ගත්තා. අල්විස් මහතා මෙම පොත සිංහලට පරිවර්තනය කිරීම ඉතාම වටිනා කටයුත්තක් හැටියට මම දකිනවා. අල්විස් මහතාගේ අනිකුත් පරිවර්තන මෙන්ම මෙයද ලංකාව ගැන කියැවුනු වටිනා පොතකි.

  • නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් සුවෙන් සැපෙන් ඉන්නට ලැබේවා comment by උපේන්ද්‍ර සිල්වා

    අල්විස් මැතිතුමනි ඔබතුමා ලංකාදීප පුවත්පතට සිංහල පාඩම් මාලා ලිපි පෙළ ඉදිරිපත් කරන කාලයේදී මම ඔබතුමාට බොහෝ අවස්ථා වල දුරකථනයෙන් කතා කර මට ඇති ගැටළු නිරාකරණය කරගෙන තියනවා. ඒ සෑම අවස්ථාවකම ඔබතුමා ඉතා නිහතමානීව මට ඒ ගැටළු නිරාකරණය කර දුන්නා. ඔබතුමාට කෘතගුණ සැලකීමක් ලෙස මේ සටහන ලියන්නට සිතුනා. ඔබතුමා 92 වන විය පසු කළ බව මගේ හිතවත් ලංකාදීප පුවත්පතේ මිතුරෙකුගෙන් ඊයේ දැන ගත්තා. ඔබතුමාට නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් සුවෙන් සැපෙන් ඉන්නට ලැබේවා. ඔබතුමාගේ දැනුමෙන් හැකියාවෙන් සිංහල පාඨක අප පෝෂණය කරන්නට වාසනාව ලැබේවා

  • පද කැටි කලාව comment by මානෙල් වරුසවිතාන

    අල්විස් මහතාගේ පද කැටි කලාව ග්‍රන්ථයේ ඇති හැකුළුම් සහ එකතු නිර්මාණ උපයෝගී කර ගෙන අප කිහිප දෙනෙක් එකතු වී බොහෝ වචන වලට හැකුළුම් සහ එකතු නිර්මාණය කර ගත්තා. අපේ රාජකාරී ජීවිතයේදී වැඩ පහසු කර ගැනීමට ඒ දේවල් බොහෝ ප්‍රයෝජනවත් උනා. ඔබතුමාට ගොඩක් ස්තුතියි අල්විස් මහතාණනි. දැන් මම විශ්‍රාමිකයි. ඔබතුමාට නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනය ලැබේවා.

  • දොස්තර ස්පිට්ල් මහතා අල්විස් මහතා comment by Steevan A Gurusinha

    වනගත දොස්තර නම් කෘතියේ එක් තැනක ක්‍රිස්ටීන් විල්සන් තම කුඩා අවධියේ දී පියා සමඟ ඇතිවූ සංවාදයක් මෙසේ සටහනක් තබයි. ඇයි ඔයා මේ වගේ වල් පල් ලියමින් කාලේ නාස්ති කරන්නේ? ඔයා ශල්‍ය වෛද්‍යවරයෙක් නේද ? වල්පල් ඔහු අසයි. කට කොනක සිනාවක සේයාවක් මතුවෙයි . දරුවෝ,මම දොස්තර කෙනෙක් හැටියට ලබා ගත්තු හැම දෙයක්මත්, මාවත් අමතක උනාට පස්සේ බාගදා මං මේ ලියන දේවල් හුඟක් කල් තියේවි . නන්නාදුනන මිනිස්සු කීපදෙනෙක් ගැන ලියන එක වැදගත් වෙන්නෙ කොහොමද ? ඔහු මට එය අවබෝධ කරවන්නට උත්සාහ කරයි . වැද්දෝ කියන්නෙ ලෝකෙ පැරණිම ජන කොට්ඨාසයක්. ඔයා වැඩිහිටියකු වෙද්දි ගෙවිලා ගිහින් තියන කාලය ගැන මම වාර්තා කරලා තියන්න ඕනෑ. කවදා හරි ඔයාට අවබෝධ වෙයි. ඔහු කීවේය. අල්විස් මහතාණනි දොස්තර ස්පිට්ල් මහතා එලෙස ලියා තැබූ දේ ඔබතුමා විසින් සිංහලට පරිවර්තනය කිරීමෙන් අප සමාජයට ලබා දීමෙන් කර ඇත්තේ ස්පිට්ල් මහතාගේ සිහිනයක් සැබෑ කරවීමකි. ඒ මහඟු සේවයට ඔබතුමාට තුති.

  • Spittel Books comment by ලහිරු නිශාන්ත

    අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද පොත් අතුරෙන් මම වඩාත්ම ප්‍රිය කරන්නේ ආර් ස්පිට්ල් මහතාගේ කෘති සහ එතුමාගේ දියණිය වන ක්‍රිස්ටීන් ස්පිට්ල් මහත්මිය විසින් රචිත කෘති වලටය. එම කෘති වල ඇති මුල් කෘතියේ අන්තර්ගතය සහ රසය ඒ ආකාරයෙන්ම හෝ ඊට වඩා අපේ සිංහල කනට සුපුරුදු මිහිරි ආකාරයට ඔබතුමා පරිවර්තනය කර ඇති බැවින් එම පරිවර්තන කෘති ඉතාම විශිෂ්ඨ බවක් කියා පායි. ඊට අමතරව ඔබතුමාගේ හරිත මං පෙත් සහ හරිත තේ උයන මැද පරිවර්තන කෘති දෙකද සිත් ගන්නා සුළුය.

  • වන වැදුණු දොස්තර comment by පියල් චන්ද්‍රසිරි

    ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් මහත්මිය සිය පියා වන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතාගේ චරිතාපදානය ලෙස රචිත කෘතිය ඔබතුමා වන වැදුණු දොස්තර ලෙස ඉතාමත්ම ආකර්ශනීය ලෙස පරිවර්තනය කර ඇත. සමහර හැගුම් බර අවස්ථා සහ ස්පිට්ල් මහතා වැඩි ජනතාවට මොන තරම් කාරුණික වී ඇත්ද යන වග මෙම පොතෙන් මැනවින් පැහැදිලි වේ. මෙම පරිවර්තනය පමණක් නොව ඔබතුමාගේ සියලු පරිවර්තන ඉතාම සාර්ථක පරිවර්තන. ඔබතුමාට තව තවත් සිංහල කියවන පාඨකයා පප්‍රභෝදමත් කිරීමට ශක්තිය හැකියාව ලැබේවා.

  • නිවැරදි වහර comment by උපාලි මානවඩු

    අල්විස් මහතාගේ නිවැරදි වහර පොත දෙක මා මෙන්ම මගේ දරුවන්ද ප්‍රයෝජනයට ගත ඉතා වටිනා පොත් දෙකකි. ඔබතුමාගේ බොහෝ පරිවර්තන කෘති වල එකතුවක් මා සතුව ඇත. සමහර පරිවර්තන වල මුල් කෘතියද මා සතුව ඇත. ඔබතුමා කළ සේවය ඉතා අනගියි. ඔබතුමාට සතුටින් විවේක සුවයෙන් තව බොහෝ කාලයක් මෙම මෙහෙවරේ යෙදෙන්නට හැකියාව ලැබේවා. - උපාලි මානවඩු

  • පැදි පොකුර කවි පංති comment by ප්‍රියභාෂණ හතුරුසිංහ

    අල්විස් මහත්තයෝ ඔබතුමාගේ පැදි පොකුර කවි පංති ඇතුලත් පොත ඉතාම වටිනවා. ඒ උනාට අද කාලේ ඉන්න බොහෝ යට එවැන්නක් කියවා රස විඳීමට හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ නමුත් ඔබතුමාගේ අනෙකුත් කෘති සහ පරිවර්තන කෘති වලට පරිබාහිරව එවැන්නක් ලියා තැබීම ඔබතුමාගේ නාමයට ද තවත් ආලෝකයකි.

  • නිවැරදි වහර comment by අමිල පතිරණ

    අල්විස් මහතාගේ නිවැරදි වහර පොත් දෙකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කෙනෙක් මම. ඔබතුමාටදිගාසිරි වේවා.

  • ජීවයේ කතාව comment by වටවල අපොන්සු

    අල්විස් මහතාණනි ඔබතුමාගේ ජීවයේ කතාව පොත දැනට මිලදී ගැනීමට නැත. එය ඉතා වැදගත් පොතකි. නැවත මුද්‍රණය කරන්න යයි මම යෝජනා කරනවා. මම ඔබතුමා ඉතා අගය කරන ඔබතුම්මගේ බොහෝ පරිවර්තන කෘති කියවා ඇති පොත් ගුල්ලෙකි. ඔබතුමාට ජයෙන් ජය වේවා.

  • පාර්ලිමේන්තු ක්‍රියාදාමය comment by ආරියරත්න

    අල්විස් මහතාණනි එදා හිටපු ලොකුබණ්ඩාර මැතිතුමා වැනි උගතුන් කතානායක පුටුවේ සිටිනා කාලයේ ඔබතුමා වැන්නවුන්ගේ මෙවන් පොත් අගය කලාට අද පාර්ලිමේන්තුවේ එවැනි උගතුන් ඇත්තේ අතලොස්සක් පමණි. ඔබතුමා මේ පොත ලියා තැබීමෙන් ඉටු කළේ ජාතික මෙහෙවරකි. එමෙන්ම සඳහන් කලයුතුයි ඔබතුමාගේ සියළු කෘති හා පරිවර්තන කෘති ඉතාම වටිනා වස්තුන් බව. අල්විස් මැතිතුමනි නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් මෙම ජාතික මෙහෙවර කරන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා.

  • පාර්ලිමේන්තු ක්‍රියාදාමය comment by ෂෙල්ටන් ප්‍රනාන්දු

    අල්විස් මහත්තයෝ ඔබතුමාගේ මෙම අගනා ග්‍රන්ථය අද පාර්ලිමේන්තුවේ සිටින හිතට එන මොනවා හෝ කියා මොර දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී යැයි කියා ගන්නා උදවියට ඇස ගැටේවා කියා අල්විස් මහතාට නිසි ප්‍රණාමය දෙමින් ප්‍රාර්ථනා කරමි. ඔබතුමා සතුටෙන් සුවෙන් කාලය ගත කරනවා කියා සිතමි.

  • අල්විස් මහතාගේ සියලු කෘති comment by විමල් ධර්මවංශ

    අල්විස් මහත්තයාගේ වන ගත ලංකා, ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්, වන වැදුණු දොස්තර, ලක් බිමේ සත් වසක් වැනි ඇති ශ්‍රේෂ්ඨ පරිවර්තන කෘති මා කියවා තිබෙනවා. නමුත් ඔබතුමා විසින් ලියන ලද නිවැරදි වහර පොත් දෙක අපට රටට සහ රටේ අනාගත පරපුරට දායාද කළ ඉතා වටිනා කෘති 2 ක්. අද සිංහල භාෂාව නිවැරදිව ලියන කියන ය හරිම අඩුයි. බොහෝ දෙනා බොහෝ වැරදි කරනවා. එබැවින් මේ පොත් දෙකේ වටිනා කම කියා නිම කළ නොහැකියි. ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණින් නිරෝගී වේවා. දීර්ඝායු ලැබේවා.

  • වන ගත ලංකා comment by P P palihawadana

    අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද වන ගත ලංකා කෘතිය ඔබතුමා විසින් කරන ලද ප්‍රශස්ත පරිවර්තනයකි. ආර් එල් ස්පිට්ල් මහතා වනය මද ලත් අත්දැකීම් ඉතා අලංකාර ලෙස ග්‍රන්තාරුඩ වී ඇත.

  • ශ්‍රේෂ්ඨ ලේඛකයා comment by සමන් නන්දලාල්

    ඔබතුමාගේ කන්ද උඩරට සටන්, ලංකාව සහ සිංහලයෝ, ලංකාව ගැන ලියුම්, පෙම්බර ලංකා සහ නොක්ස් දුටු ලක්දිව යන පරිවර්තන කෘති මා සතුව ඇත. ඔබතුමා Sri Wickrama, Brownrigg and Ehalepola කෘතිය මේ දින වල පරිවර්තනය කරමින් සිටින බව ඔබතුමා ගේ Facebook පිටුව මගින් දැනුවත් වුනා. ඒ ගැන මම ඉතාමත්ම සතුටට පත් වුනා. එය එළිදැක්වෙන තෙක් ඉතාම අසාවෙන් මග බලා සිටිමි. අල්විස් මහතාණනි ඔබතුමාටත් සූරිය ප්‍රකාශක අධිපති අතුල ජයකොඩි මහතාටත් මේ ලිපි ද්‍රව්‍ය අඩු පාඩු කාලයේ කෙසේ හෝ එම පොත එලි දක්වන්නට අවස්ථාව උදා වේවා කියා ඉතා සිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ දෙපළගේම සියළු කටයුතු සාර්ථක වේවා.

  • වන ගත ලංකා comment by වනසිංහ

    ප්‍රේමචන්ද්‍ර අල්විස් ශ්‍රේෂ්ඨ ලේඛකයණනි, මා කියවා ඇති හොඳම පරිවර්තන කෘතිය වන ගත ලංකා බව පවසන්නේ හුදෙක් ඔබතුමාගේ සිත සතුටු කිරීමට නොව ඔබතුමාට නිරහංකාර ආඩම්බරයක් ඇති කර ගැනීමටයි. ස්තුතියි පරිවර්තන කලාවේ විද්වතාණනි. දිගු කල් දිනේවා.!

  • නිවැරදි වහර comment by නලින්ද වාකිස්ට

    අල්විස් මහතාගේ නිවැරදි වහර පොත් දෙකෙන් සහ එතුමාගේ පද රුත් විදි පොතෙන් බොහෝ ප්‍රයෝජන ගත් විශ්‍රාමික ගුරුවරයෙක් මම. ඔබතුමාගේ සරල පැහැදිලි කිරීම් ඉතාම වටිනවා. ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයා නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණ සියළු දෙවි රැකවරනය ලැබේවා.

  • හරිත තේ උයන මැද comment by විජේපාල රටගෙදර

    අද ඔබතුමාගේ FB පිටුවේද ඉතා අලංකාර විස්තරයක් පල වී ඇති මෙම හරිත තේ උයන මැද පරිවර්තන කෘතිය ඉතාම හරබර පරිවර්තනයකි. මෙහි ඔබතුමා පෙන්වා ඇති පරිදි එකල කාබනික පොහොර භාවිතය ලංකාවේ ඉතා හොඳින් ක්‍රියාත්මක වී ඇති බව පෙනේ. මේ පොත නැවත මුද්‍රණය කිරීමට කටයුතු කරන්නේ නම් මැනවි. මම ඔබතුමාගේ බොහෝ පරිවර්තන කෘති කියවා ඇත. හරිත තේ උයන මැද කෘතිය ගැන විශේෂයෙන් සඳහන් කළේ ඒ ගැන ඔබතුමාගේ FB පිටුවේ අද පල වී තුබුණු බැවිනි. ඔබතුමා සිංහල පාඨක අපට කළ අමිල සේවයට ගරු කරමි. දිගු කල් වැජබේවා අල්විස් මැතිදුණි.

  • ඉහල තත්වයේ පරිවර්තන comment by ශානක මිහිරිපැන්න

    අල්විස් මහතාගේ සියළු පරිවර්තන කෘති ඉතාම ඉහල තත්වයේ පරිවර්තන. ඒවා වචනයෙන් වචනය හෝ වාක්‍යයෙන් වාක්‍ය පරිවර්තන නොව, මුල් කෘතියට කිසිදු අසාධාරණයක් නොවූ තම දැනුමත් මුසු වූ අග්‍රගන්‍ය පරිවර්තනයි. ඊට අමතරව අල්විස් මහතාගේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය කෘතියද ඉතා සරල වටිනා කෘතියකි. ඔබතුමාට තව බොහෝ කාලයක් මෙම සේවය අපේ රටේ සිංහල පාඨකයා වෙනුවෙන් කරන්නට ශක්තිය සහ මානසික සුවය ලැබේවා.

  • ලංකාව ගැන ලියුම් comment by චන්දන පල්ලෙවත්ත

    මගේ පශ්චාත් උපාධිය හදාරන අවදියේ ඔබතුමාගේ ලංකාව ගැන ලියුම් පරිවර්තන කෘතිය මට බෙහෙවින් ප්‍රයෝජනවත් වුනා. ඔබතුමාට තුති. ඊට අමතරව ඔබතුමාගේ වන ගත ලංකා, වන වැදුණු දොස්තර සහ ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් කෘති මා කියවා තිබෙනවා. ඒවා ඉතාම අගනා වටිනා කෘති බව පවසන්නේ ඉතාම සතුටිනි. ඔබතුමා නිදුක් නිරෝගී වේවා.

  • පාර්ලිමේන්තු ක්‍රියාදාමය comment by අනුර අලගියවන්න

    අල්විස් මහත්තයෝ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ලිව්වා වගේ මේ පාර්ලිමේන්තුවට පත්වෙලා එන ඇත්තන්ට තමන්ගේ යුතුකම් සහ වගකීම් කියල පොතක් හොඳ තේරෙන සරල භාෂාවෙන් ලියන්න පුළුවන් නම් අපේ රටටත් ජාතියටත් ඔබතුමා කරන මහඟු පින්කමක්. අර හිටපු කතානායකතුමා එවකට හිටපු මන්ත්‍රීවරුන්ට ඔබතුමාගේ පොත කියවන්න කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඔබවන්නවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නවත් අපේ රටේ නායකයෝ දන්නේ නෑ. ඔබතුමාට ජයෙන් ජය.

  • Christine Spittel and R L Spittel comment by Tryoni Fernando

    ක්‍රිස්ටීන් ස්පිට්ල් යනු ඉතාම නිහතමානි නිරහංකාර බ්‍රිතාන්‍ය සම්භවයක් තිබුණු නමුත් ඉතාම විනීත කාන්තාවකි. මගේ පියා සහ දොස්තර ස්පිට්ල් මහතාගේ ඉතාම කිට්ටු ඇසුරක් පැවතුනා. මගේ වැඩිමහල් සොයුරියද ක්‍රිස්ටීන් සමග ලොකු හිතවත් කමක් තිබුනා. මම ඇය සහ අගේ ස්වාමියා වූ විල්සන් මහතා මට මතක හැටියට 2009 වසරේ අවසන් වරට මුණගැසුනා. Christine Spittel Memoir කියවා තිබෙනවා. එහෙත් ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා ගැන මම අසා තිබෙන නමුත් ඔබතුමාගේ පරිවර්තන කියවා නැහැ. ඒ මම බොහොමයක් ඉංග්‍රීසි පොත් පමණක් කියවන බැවින්. නමුත් අල්විස් මහතා ස්පිට්ල් මහතාගේ සහ ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් මහත්මියගේ පොත් සිංහලට පරිවර්තනය කිරීම මම ඉතා අගේ කොට සලකනවා. God Bless You Mr Alwis

  • ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් comment by ප්‍රියන්වදා ප්‍රේමරත්න

    ශල්‍ය ‌ චෛද්‍ය ආර් එල් ස්පිට්ල් මහතාගේ එකම දියණිය සිය පියාගේ සෙවනේ කුඩා කළ පටන් හැදී වැඩී ගත කළ ඒ රසබර ජීවිත අත්දැකීම් ඔබතුමා ඉතා අලංකාර ලෙස, කියවීමේ ප්‍රියතාවය දනවන ලෙස පරිවර්තනය කර ඇත. මෙම පොත පමණක් නොව ඔබතුමාගේ සියළු පරිවර්තන කෘති අති සාර්ථකය.

  • පාර්ලිමේන්තු ක්‍රියාදාමය comment by නිමල් විජේරත්න

    අල්විස් මහතාගේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ග්‍රන්ථය ඉතාම වැදගත් ඉතාම සරල බසින් සියළු අත්‍යවශ්‍ය කරුණු ඇතුලත් කර ඇති වටිනා පොතකි. විශේෂයෙන්ම පාසල් ළමුන්ට ඉතා ප්‍රයෝජනවත්ය. දැනට විශ්‍රාමික නමුත් මමත් පාසලේ උගන්වන කාලයේ දරුවන්ට මේ පොත කියවීමට රෙකමදාරු කර තිබෙනවා. යෙහෙන් වැජබේවා අල්විස් මැතිදුනි.

  • නිවැරදි වහර comment by එරන්ද පිටිපන

    අල්විස් මැතිතුමනි නිවැරදි වහර පොත් දෙක නම් වචනයෙන් කියා නිම කළ නොහැකි තරමේ අගනා වටිනා පොත් දෙකකි. ස්තුතියි මැතිතුමනි.

  • වන ගත ලංකා comment by මිල්ටන් කග්ගොඩආරච්චි

    මම ආර්. එල්. ස්පිට්ල් මහතාගේ Wild Ceylon කෘතිය දෙවරක් ද ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ වන ගත ලංකා පරිවර්ථන කෘතිය සිව් වරක් ද කියවා ඇත. මම බොහෝ පරිවර්තන කියවා තිබෙනවා. නමුත් මෙම වන ගත ලංකා පරිවර්තනය මා කියැවූ හොඳම පරිවර්තනය කිව හොත් එය ඉතා නිවැරදිය. එය එතරම්ම වනයේ ජීවත් කරවන කෘතියකි. පරිවර්තන කෘතියක් කිව නොහැකි තරමටම තාත්විකය. තව තවත් මෙවන් අගනා පරිවර්තන කරන්නට අල්විස් මහතාට ශක්තිය ලැබේවා.

  • පැදී පොකුර comment by ඩී බණ්ඩාර

    අල්විස් මහත්තයාගේ පැදි පොකුර ග්‍රන්ථය එදාටත් අදටත් හෙටටත් ගැලපෙන රසවිඳිය හැකි ලස්සන කවි පොතකි. අද පරම්පරාවට සමහර විට සමහර වචන තේරුම් ගන්න බැරුව ඇති. ඒ ගැන ඇත්තේ කනගාටුවකි. ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා. තව බොහෝ කාලයක් මෙම මෙහෙවර කරන්නට ශක්තිය ලැබේවා.

  • ලක් බිමේ තවත් යුගයක් comment by ජී පුෂ්පකුමාර

    සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතල වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිට්ල් දොස්තර මහතා විසින් රචිත Far Off Things ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය වූ ලක් බිමේ තවත් යුගයක් නම්වූ ඔබතුමාගේ පරිවර්තනය, තිලකරත්න කුරුවිටබණ්ඩාර ශුරීන් විසින් ඔබතුමාගේ කෘතියේ පිටකවරයේම සඳහන් කරන පරිදි ඔබතුමාගේ පරිවර්තන කෞශල්‍ය මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම කෘතිය මා කියැවූ ඔබතුමාගේ මුල්ම පරිවර්තන කෘතියයි. අල්විස් මහතාණනි ඔබතුමා ශ්‍රී ලාංකේය සිංහල පරිවර්තන ලොව බැබලවූ දිදුලන තරුවකි. චිරං ජයතු මැතිතුමනි.

  • සුදු වැද්දා comment by තුසිත සිල්වා

    ආර් එල් ස්පිට්ල් යනු අපේ කැලය පීරා ගිය කැලයට ආදරය කළ සතා සිව්පාවාට කරුණාව දැක්වු වැදී ජනතාවට ආදරය කළ සුදු පාට කැලෑ රජෙකි. මේ කතාව කල්පිතයක් වුවත් එයට ස්පිට්ල් මහතාගේ අත්දැකීම් සම්බන්ධ වී තිබු නීසාදෝ මේ කතාව ඉතාම හැගුම් බරය. අපේ ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයා ඒ රසය පාඨකයාට දැනෙන්නට සලස්වා ඇතී ආකාරය ඉතාමත්ම අගනේය. එතුමාගේ අනෙකුත් පරිවර්තන මෙන්ම මේ කෘතියේද ඇත්තේ කියවන්නට කියවන්නට ආසා හිතෙන ගලා යන ස්වභාවයකි. ශ්‍රේෂ්ඨ පරිවර්තන බොහොමයක් අපට ලබා දුන් ඔබතුමාට ජයෙන් ජය වේවා.

  • වන ගත ලාංකා සහ වණ වැදුණු දොස්තර comment by එරන්දතී

    ඔබතුමා විදේශිකයන් අප රට ගැන ලියූ පොත් බොහොමයක් පරිවර්තනය කර ඇති අතර ඒවා ඉතාම අග්‍රගන්‍ය පරිවර්තන ලෙස හැඳින්විය හැක. මම ඔබතුමාගේ පරිවර්තන සියල්ලම කියවා ඇත. එයට හේතුව ඔබතුමාගේ පරිවර්තන වල ඇති සරල බව හා තාත්වික බවයි. එයිනුත් මම වඩාත්ම ප්‍රිය කරන්නේ වන ගත ලාංකා සහ වණ වැදුණු දොස්තර යන පොත් දෙකට වන අතර, ඔබතුමාට වන ගත ලංකා කෘතියට රාජ්‍ය සම්මාන ලැබුණු බව මා දන්නා අතර මා බලාපොරොත්තු වූයේ වණ වැදුණු දොස්තර පරිවර්තනයටද සම්මානයක් ලැබේය කියාය. ප්‍රේමචන්ද්‍ර අල්විස් මැතිතුමනි ඔබතුමා සිංහල පරිවර්තන කිරීමෙන් ලබා දුන් සේවය මිල කළ නොහැකිය.

  • ඇසූ දුටු දේ comment by ස්විනීතා

    ඇසූ දුටු දේ කෘතිය මා කුඩා කළ කියැවූ පොතකි. අපි පොඩි කාලේ අපිට Readers Digest සගරාවත් අපේ තාත්තා කිවන්න කියලා ගෙනත් දෙනවා. ඒ කාළේ ඒ සගරාව තැපෑලෙන් ගෙන්වා ගන්නේ. ඔබතුමාගේ FB පිටුවේ ඒ පොත ගැන ඊයේ පළවූ post එකෙන් පසුව මගේ මතකය නැවත අලුත් වී මම එම පොත නැවත වාරයක් එක දවසින් කියෙව්වා.

  • ලංකාව ගැන ලියුම් comment by යසන්ත

    මට මාගේ පශචාත් උපාධි අවසාන කටයුතු කරගෙන යාමේදී ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද ලංකාව ගැන ලියුම් කෘතිය බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය. මට ඉංග්‍රීසි භාෂා යම් දැනුමක් තිබුනද Letters on Ceylon මුල් කෘතිය කියවීමෙන්ම මට හොඳ අවබෝධයක් ගැනීමට අපහසු විය. ඉන්පසු මට දන ගන්නට ලැබුනේ ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් එම කෘතිය පරිවර්තනය කර ඇති බවය. මම ලංකාව ගැන ලියුම් සිංහල පරිවර්තන කෘතිය මිලදී ගෙන මගේ අවශ්‍යතාවය ඉතා අගනා ලෙස ඉටු කර ගත්තෙමි. අල්විස් මැතිතුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • පෙම්බර ලංකා comment by වසන්ත සන්දිලිගම

    එදා අපේ රටේ සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාව අතර තිබුණු සමගිය මෙන්ම සංකෘතියට එකිනෙකා ගරු කළ ආකාරය ඉතා මැනැවින් කියාපාන මෙම Romantic Ceylon කෘතිය පෙම්බර ලංකා නමින් සිංහලට පරිවර්තනය කිරීම ඉතා අගේ කොට සැලකිය හැක. ඔබතුමාගේ පරිවර්තන කෘති වල ඇති සරල බව නිසා එය ඉතාම ආසාවෙන් කියවිය හැකි පොතකි. ස්තුතියි ප්‍රේමචන්ද්‍ර අල්විස් මැතිතුමනි. මම ඔබතුමා පුද්ගලිකව මුණගැසී නොමැති නමුත් මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටිමි.

  • තව බොහෝ කාලයක් අප අතර පොත් අතර වැජබේවා. comment by හසිත

    ප්‍රවීණ භාෂා පරිවර්තකයාණනි, ගත් කතුවරයාණනි, ද්වී භාෂා උගතාණනි ඔබතුමාට චිරං ජයතු. තෙරුවන් සරණින් තව බොහෝ කාලයක් අප අතර පොත් අතර වැජබේවා.

  • මකියාවේලි කුමාරයා සහ නිවැරදි වහර පාඩම් මාලාව comment by කපිල අලහකෝන්.

    මම ඔබතුමාගේ නිවැරදි වහර පාඩම් මාලාව පත්තරේ ඵල වූ ලිපි පෙළ කියවීමෙන් පසු එම පොත් දෙකම මිලදී ගත්තා. ඉන්පසු කුමාරයා ලිපි පෙළ කියවීමෙන් පසු එම පොත ද මිලදී ගත්තා. ඔබතුමා මේ තරම් පොත් ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති බව මම දන ගත්තේ මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් පසුවයි. මෙම වෙබ් අඩවිය ඉතාම වටිනවා. එමගින් මට මේ ආකාරයට ඔබතුමා ඇගයීමට ලක් කිරීමට හැකිවීමත් ලොකු දෙයක්. ඔබතුමා කර ඇති සේවය අතිමහත්. ඔබතුමාට ස්තුතියි.

  • නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. comment by දයා පෙරේරා

    ලේඛකයකු හා දක්ෂ පරිවර්තකයකු ලෙස ඔබතුමා කළ සේවය අපටත් වඩා අපේ ඉදිරි පරම්පරාවට ඉතාම වටිනවා. ඉදිරි කාලයේදී සිංහල භාෂාව ගැන පොතක් හෝ ලිපියක් වත් ලියන්නට තරම් කෙනෙක් සිටීදැයි සැක සහ සහිතයි. ඉතා වටිනා සේවයක් අපේ රටට කළ අල්විස් මැතිඳුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.

  • චිරං ජයතු comment by නාලනී අලවතුර

    අල්විස් මැතිතුමනි මට නම් ඔබතුමාගේ සෑම පරිවර්තනයක්ම සාර්ථක පරිවර්තනයකි. චිරං ජයතු ශ්‍රේෂ්ඨ මනුස්ස ගුණ ඇති මහත්මයාණනි.

  • වන ගත ලංකා comment by නන්දලාල්

    වැදි ජීවන රටාව ගැන ස්පිට්ල් මහතා සිය අත්දැකීම් වලින් කියන කතාව ඉතාම සුන්දරයි. ඔබතුමා එය සිංහල පාඨක අපට ඊටත් වඩා සුන්දරව ඉදිරිපත් කර ඇත. ඔබතුමාගේ පරිවර්තන වලට මම වඩාත්ම ප්‍රිය කරන්නේ එම ගුනාන්ගයටයි. ඔබතුමා පරිවර්තනය කර ඇති මා කියවා තිබෙන නමුත් වනගත ලංකා ඇති විශේෂයි කිව හැකියි. ඔබතුමා කළ හා කරමින් පවතින සේවයට මම ගරු කරමි.

  • සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ comment by නාමල්

    සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ පරිවර්තන කෘතිය ඉතාමත්ම රසබර අපිවත් එතනම ජීවත් කරවූ තාත්ත්වික බැවින් පිරුණු කෘතියකි. මා කියවා ඇති ඔබතුමාගේ සෑම පරිවර්තනයක්ම ඉතා තාත්විකයි. ස්තුත්යි අල්විස් මැතිතුමනි

  • දීර්ගායු වේවා සර්. comment by කසුන්

    ඔබතුමා සමග ඉතාම සුළු කාලයක් මට එකට වැඩ කිරීමට අවස්ථාව ලැබුනේ. ඉන්පසු මම විශ්වවිද්‍යාලයට තේරීමෙන් අනතුරුව මට ඔබතුමාට සමුදෙන්නට සිදු උනත් නිතරම ඔබතුමාගේ පරිවර්තන කෘති කියවනවා. ඔබ වැනි සුන්දර තරුණ අපට උදව් කරන මිනිසුන් අපේ සමාජයේ හරිම විරලයි. දීර්ගායු වේවා සර්.

  • දීර්ගායු වේවා comment by රාජිත ලක්මාල්

    ශ්‍රේෂ්ඨයන් අතර අති ශ්‍රේෂ්ඨ ප්‍රරිවර්තක ලේඛකයෙක් වන අල්විස් මහතාට චිරං ජයතු

  • සිංහල භාෂාව ග්‍රන්ථයන් comment by සමන් දිසානායක

    අල්විස් මහතාණනි, ඔබතුමාගේ නිවැරදි වහර පොත් දෙක අපේ දරුවන්ට ඔබතුමා දායාද කළ අගනා පොත් දෙකකි. ඔබතුමාට කාල වෙලාව තිබේ නම් පරිවර්තන කලාව පිළිබඳ ඉතා සරල ආකාරයේ ග්‍රන්ථයක් එළිදක්වන මෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාගේ පොත් වල ඇති සරල විග්‍රහයන් ඉතා පහසුවෙන් අපට ග්‍රහණය කර ගැනීමට හැකියාව තිබේ. ඔබතුමා කරන සේවයට බොහොම ස්තුත්යි අල්විස් මැතිතුමනි.

  • වන ගත ලංකා comment by කුමාර පෙරේරා

    ඔබතුමා විසින් පරිවර්තනය කරන ලද ආර්. එල්. ස්පිට්ල් මහතා විසින් රචනා කරනලද රාජ්‍ය සම්මාන දිනු වන ගත ලංකා පරිවර්තන කෘතිය ඉතාම ආසාවෙන් ඉතාම උනන්දුවෙන් කියවූ පොතකි. අවන්කවම කිව හොත් අල්විස් මහතාණනි, මට පරිවර්තන කෘති කියවීමට ආසාව ඇති කලේ ඔබතුමාගේ මෙම පරිවර්තන කෘතියයි. එය කියවන විට පරිවර්තනයක් යන හැගීමක්වත් දැනුනේ නැහැ. එතරම්ම එය තාත්විකයි. එතනින් පසු මම ඔබතුමාගේ තවත් පරිවර්තන කෘති කිහිපයක්මත් තවත් පරිවර්තනත් කියවීමට පටන් ගත්තා. එම ආසාව මට ඇති කර දුන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුත්යි.

  • Mr Alwis comment by shyamali

    ඔබතුමා මෙතරම් පොත් ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති බව දැන ගත්තේ මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් පසුවයි. ඔබතුමාගේ හරබර ලිපි මා කියවා තිබෙනවා. එහෙත් ඔබතුමාගේ ඔය නිහතමානි බව දන ගත්තේ එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී ඔබතුමා හමු වී කතාබස් කිරීමෙන් පසුවයි. මා කලින් නොහඳුනන ඔබ ඉතා කුළුපඟ මිත්‍රයෙක් මෙන් මා සමග කතා කලේ. මම ඔබතුමාගේ පොත් නම් වැඩිය කියවා නැහැ. එහෙත් පුවත් පත් වල පල වන ලිපි බොහොමයක් කියවා තිබෙනවා. තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.

  • නොක්ස් දුටු ලක්දිව comment by අරංගල විමලසිරි

    මෙම පරිවර්තන කෘතිය ඉතාමත් සාර්ථක පරිවර්තන කෘතියකි. මුල් පොත කියවූ මට මෙම පරිවර්තනය මුල් කෘතියට වඩා රසවත් ඇඟට දැනෙන බවක් ඇත. මෙය ප්‍රේමචන්ද්‍ර දුටු ලක්දිව සේ කීමට මම මාලි වන්නේ නැත. එසේ කීමෙන් මම මුල් අයිතිකරු වූ රොබට් නොක්ස් හට අගතියක් කිරීමට අදහස් නොකරමි. ඔබතුමාහේ පරිවර්තනයේ සාර්ථකත්වය තහවුරු කිරීම පමණි. තව තවත් අගනා පරිවර්තන කෘති දැයට දායාද කරන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා.

  • කෘතහස්ත නිහතමානී ලේඛකයෙක්. comment by පලිහපිටිය

    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සටහනේ දක්වා ඇති පරිදිම ප්‍රේමචන්ද්‍ර අල්විස් මහත්තයා කියන්නේ උගතෙක්, වියතෙක්, ගුරුවරයෙක්, සවන් දෙන්නෙක්, ඉවසිලිවන්තයෙක්. අද සිටින රළු හිත් ඇති මාධ්‍යවේදීන් හොඳින් කියවා ගත යුතු ආදර්ශට ගත යුතු කෘතහස්ත නිහතමානී ලේඛකයෙක්. දීර්ගායු වේවා මැතිතුමනි.

  • අනගි පරිවර්තන කෘති අපි ඉතාම අගය කරමු. comment by kumara

    ඔබතුමා රටට දායාද කළ භාෂා දැනීම සහ ඔබතුමාගේ අනගි පරිවර්තන කෘති අපි ඉතාම අගය කරමු. මට පුද්ගලිකව නම් වඩාත් වැදගත් වුයේ නිවැරදි වහර පාඩම් මාලාවයි. ඔබතුමාට තව බොහෝ කාලයක් ඒ අනගි සත් කාර්යයේ යෙදෙන්න නිරෝගී බව හා මානසික ශක්තිය ලැබේවා.

  • ඔබතුමාට ජය comment by Korala

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි ඔබතුමා අපි ඉතා අගය කරන නිරහංකාර ප්‍රියමනාප පුද්ගලයෙකි.. ඔබතුමාට ජය පතමි.

  • අව්‍යාජ ලේඛකයාණනි චිරං ජයතු comment by ආනන්ද රන්දෙනිය

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මැතිතුමනි ඔබතුමාට මා ගැන මතකයක් ඇති කියලා නම් මම හිතන්නේ නැහැ . ඔබතුමා ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ වැඩ කරන කාලයේ මම ඔබතුමාට දුරකතනයෙන් කතා කර මට තිබුණු සිංහල ගැටළු බොහොමයක් විසඳා ගත්තා. එහෙත් මම අද මට අහම්බෙන් ඇස ගැටුණු ඔබතුමාගේ වෙබ් අඩවියේ සටහන් කරන්නට සිතුනේ ඒ ගැන නම් නොවෙයි. එදා මම ඔබතුමාට කතා කළේ මගේ ගැටළු සියල්ල සුදානම් කරගෙන ඔබතුමාගේ කාලය අපතේ නොයන ආකාරයටයි . එහෙත් ඔබතුමා මොන තරම් නිරහන්කාරද කියනවානම් එදා ඔබතුමා මට කීවේ ගැටළුවක් තිබේ නම් ඔනෑම වෙලාවක කතා කරන ලෙසයි. ඊට අමතරව එදා ඔබතුමා මට ඔබේ නිවසේ දුරකථන අංකයද ලබා දීමට තරම් කාරුණික උනා. ඔබතුමා වැනි නිරහංකාර තමා දන්නා දේ අනුනට දීමට මාලි නොවන අය සොයා ගැනීම අද ඉතාම අසීරුය. ප්‍රේමචන්ද්‍ර අල්විස් විද්වතාණනි, අව්‍යාජ ලේඛකයාණනි චිරං ජයතු !.

  • පාර්ලිමේන්තු ක්‍රියාදාමය comment by විමලා කොස්තා

    පාර්ලිමේන්තු ක්‍රියාදාමය පොත ඉතාමත් පැහැදිලිව එහි කටයුතු සහ පාර්ලිමේන්තු පුස්තකය ආදී දෑ ගැන විස්තර කර ඇත . උසස් පෙළ එම අදාළ විෂයන් හදාරන සිසුන් පමණක් නොව රටේ සියලුම දෙනා කියවා ගත යුතු පොතකි. එම පොතෙහි ඉතාම සරල ඔනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි ආකාරයට අර්ථ දක්වා ඇත. අල්විස් මහතාණනි ඔබට කාල වෙලාව තිබේ නම් එම පොත ඉංග්‍රීසියට පරිවර්තනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. දැනට අපේ රටේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරු පිරිසක් ද සිටින බැවින් එය එම දරුවන්ට ප්‍රයෝජනවත් වේවි. ස්තුතියි මැතිතුමනි. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • Perfect Translator comment by Upali Wimaladharma

    A good translation captures the spirit of a text without slavishly following it to the letter. - Mr Premachandra Alwis has proved that quality in all most all of his translations. If I mention some of his best translations Wanagatha Lanka, Wana Wadunu Dosthara and Haritha Man Peth. When you read Mr Alwis s translations you can not believe what you are reading was translated, from something into something, from somewhere to somewhere. My understanding is that Mr Alwis has translated the exist not the text. Good Luck and long life Mr Premachandra Alwis.

  • සිංහල විශාරද comment by waruni ariyadasa

    සිංහල භාෂා විශාරදයෙකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා නුතන ලොවේ එකම භාෂාවක් වත් හරි හැටි නොදන්නා බොහෝ දෙනෙකුට මහගු ආදර්ශක්. අද බොහෝ ජනමාධ්‍යවේදීන් පවා සිංහල වැරදියට භාවිත කරන යුගයක්. පත්තර වල ලිපි වල පවා භාෂා භාවිතය වැරදි බව ඒ ගැන දන්නා අය බොහෝ විට කියනවා ඇසෙනවා. ඒ අතින් බලන කළ ඔබතුමා විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයෙක්. ප්‍රේමචන්ද්‍ර අල්විස් මැතිතුමනි ඔබතුමාට තුති .

  • ස්තුතියි ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි comment by අපර්ණා වටරැක

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගෙන් අප ලද ගුරුහරු කම් බොහෝයි. සෑම අවස්ථාවකම සිනහවෙන් සතුටෙන් කාලය ගත කළ ඔබතුමා අපටත් ඒ පාඩම ආදර්ශයෙන්ම පෙන්වා දුන් කෙනෙක්. ස්තුතියි ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා.

  • පද කැටි කලාව comment by නිහාල් කන්දෙපොල

    සිංහල ලඝු ලේඛකයෙක් වන මම ඔබතුමාගේ පද කැටි කලාව කෘතියෙන් බොහෝ ප්‍රයෝජන ගත්තෙමි. එහි ඔබතුමා හඳුන්වා දී ඇති හැකුළුම් ඉතා අගනේය. ඒ හැකුළුම් ප්‍රයෝජනයට ගෙන මම ද තව තවත් අපේ විෂයට අදාළ හැකුළුම් සාදා ගත්තෙමි. මම දැන් විශ්‍රාම සුවයෙන් ගත කරන කෙනෙක්. ඔබතුමාගේ වෙබ් අඩවියේ ඇති පොත් මිලදී ගෙන කියවීමට බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි අල්විස් මහතාණනි.

  • හොඳම පරිවර්තකයා ඔහුය comment by නාලක බණ්ඩාර

    අල්විස් මහතා හොඳම පරිවර්තනයට හිමි සම්මානය දිනුවේ වන ගත ලංකා සහ හරිත මං පෙත් යන පරිවර්තන දෙකට බව සබැවක්ය. නමුත් මාගේ පුද්ගලික අදහස නම් ලංකාවේ සිටින හොඳම පරිවර්තකයා ඔහුය. ඊට හේතුව නම් අල්විස් මහතා ඔහුගේ පරිවර්තය සාර්ථක කර ගැනීම සඳහා සුදුසුම වචනය මුල් කෘතියටත් අගතියක් නොවන ආකාරයට භාවිතා කිරීමයි. තව බොහෝ කාලයක් ඔබතුමාට හරවත් රසවත් කෘති බිහි කිරීම සඳහා වාසනාව ලැබේවා.

  • නිවැරදි වහර comment by ලක්ෂිකා පෙරේරා

    ඔබතුමාගේ නිවැරදි වහර පාඩම් මාලාව අපිට ඉතාම වැදගත් උනා. අද අපේ දරුවන්ට සිංහල පාඩමක් කියල දෙන වෙලාවටත් එය ඉතාම වටිනවා. නිවැරදි වහර පොත නැවත වරක් මුද්‍රණය කරන්නේ නම් මැනවි. බොහොම ස්තුතියි අල්විස් මැතිතුමනි. තෙරුවන් සරණයි.

  • සතුන් ගැන කතන්දර comment by Nalin Priyantha

    සතුන් ගැන කතන්දර රුසියානු පොතෙහි පරිවර්තනය පොත අපේ තාත්තා අපිට අරන් දුන් පොත් වලින් එකක්. එම පොත අපිත් කියවල අපේ දරුවනුත් කියවල දැන් මගේ පුංචි මුනුබුරාත් ඒ පොත කියවනවා. ඊට අමතරව ඔබතුමාගේ මැකියාවෙලි කුමාරයා පරිවර්තනය මම ඉතාම කැමති පරිවර්තනයක් ස්තුතියි.

  • සුදු වැද්දා comment by සාගරිකා පී වනිගරත්න

    ඔබතුමාගේ පරිවර්තන ඉතාම තාත්වික වග පෙන්වන මට දැනෙන හොඳම පද ටික මේ පොතේ ඇතුලත් වෙනවා පිටුව 85 86 - එවිට, ක්ෂණික චලනයක් ගස උඩ ඇති විය. නාලිනීගේ සිතෙහි ඇදී තිබුණු ජව සම්පන්න සුදු තරුණයා දිවි සම් ඇදුමෙන් ඇය ඉදිරියෙහි හිට ගත්තේය. හැන්ස්ගේ සිත් තුළ කිසියම් ගැටලු සහගත ප්‍රශ්නයක් පවත්නා බව ඔහු නාලිනී දෙස බැලූ ආකාරයෙන්ම ඇයට වැටහිණි. ඔයාට මාව මතක නැද්ද ? ඇය ඇසුවාය. - මෙම 85 86 පිටු වල ඇති දෙබස් ඔබතුමා පුදුමාකාර තාත්වික බවකින් පරිවර්තනය කර ඇත. මම කිහිප වරක් කියවා ඇති තවත් කියවන්නට කැමති රසබර පරිවර්තනයකි සුදු වැද්දා.

  • Appreciate your contribution comment by Ajith Perera

    I would like to appreciate your contribution to Sinhala literature by quoting the following part from Prof. Sunanda Mahendra s review. ---- While refraining from blaming any particular person or academic , Premachandra Alwis goes in to call material from various available sources for his investigation in the manner of a teacher and researcher ---- THANK YOU SIR, PREMACHANDRA ALWIS

  • පද කැටි කලාව comment by අමිතා විජේසිංහ

    උසාවියේ සිංහල ලඝුලේඛකයන් වන අප ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාහේ පද කැටි කලාව කෘතියෙන් ගත් ප්‍රයෝජන කියා නිම කළ නොහැක. ස්තුතියි අල්විස් මහත්මයාණනි

  • Thank you Sir comment by Bandula S Godakanda

    ස්තුතියි අල්විස් මහතාණනි ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි! ඔබතුමාගේ පරිවර්තන රටාව ඉතා ආකර්ශනීයයි. රසවත්. ස්තුතියි ඔබතුමාට

  • අගය කරමි comment by අනුලා විතාරණ

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි ඔබතුමා ලංකාදීප පුවත් පතේ පල කරන ලද නිවැරදි වහර පාඩම් මාලාව මුල සිටම මම කියැවූ අතර ඔබතුමා විසින් රචනා කරන ලද නිවැරදි වහර පොත් දෙකම මා සතුව ඇත. එම පොත් අපටත් අපේ දරුවන්ටත් මහත් සේ ප්‍රයෝජනවත් විය. ඔබතුමා ඒ කළ සේවය මෙසේ පේලි කීපයකින් ලියා නිම කළ නොහැක. සිංහල භාෂාව විෂයක් ලෙස හදාරන බොහෝ දෙනෙක් මෙම පොත් දෙකෙන් බොහෝ ප්‍රයෝජන ගන්නා බව සමහර විටෙක ඔබතුමාත් නොදන්නවා ඇත. බොහොම ස්තුතියි මැතිතුමනි. තෙරුවන් සරණයි.

  • හරිත තේ උයන් මැද comment by Kumari Watawala

    මට පළමුවෙන්ම කිව යුත්තේ මෙම හරිත තේ උයන් මැද කෘතිය අද සිටින පාලක පක්ෂය සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ නිලධාරීන් ද කියවා ගත යුතු වටිනා පොතකි. මෙහි ඔබතුමාගේම සටහනේ දැක්වෙන පරිදි රෝරි ස්ප්වර්ස් මහතා පවසා ඇත්තේ තමා ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය වුයේ නිසි පාලනයකින් තොර ජීවිතයක රස කාරකයක් බවට පත්ව තිබුණු බටහිර මාධ්‍යයේ තොරතෝංචියක් නැති ප්‍රාචාරක වර්ෂාවෙන් බේරීමේ අපේක්ෂාවද එය පදනම් කොට ගෙන අප හමුවෙහි උදා විය හැකිව තිබුණු පල දායක අවස්ථා ද ඉදි කිරීම් පිලිබඳ විසිළු රෙගුලාසි වලට අවනත නොවී පරිසර විද්‍යාත්මක කේන්ද්‍රස්ථානයක් ඉදි කර ගැනීමේ හෙවත් එක්සත් රාජධානිය තුළ කිසි සේත්ම සැබෑ කර ගත නොහැකි සිහින යථාර්ත බවට පත් කර ගැනීමේ හැකියාවද අදාළ පරිසර විද්‍යාත්මක සාදක තුළ බොහෝ දුරට ස්වයන්පොෂිත ජීවන රටාවක් පවත්වා ගැනීමේ අභිප්‍රාය මුදුන් පත් කර ගැනීමට ඇති ඉඩකඩ ද ශ්‍රී ලංකාව කෙරෙහි තමන් ආකර්ෂණය වීමේ හේතු බවයි. ඒ සමගම ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ විවිධ නවීන විද්‍යාත්මක නිෂ්පාදන නිසා සිදු වෙන්නට යන පරිසර හානිය සහ එය සමස්ත ලෝකයටම බලපාන ආකාරයත්ය. ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා ඉතාම හොඳින් මුල් කෘතියේ කරුණු ගෙන හැර දක්වන ආකාරයටම ස්පවර්ස් මහතා කිසි සේත්ම නවීන විද්‍යාවේ දියුණුවට විරුද්ධ වී නැත. මෙම කෘතිය පරිවර්තනය කිරීමේ පින ඔබතුමාට එදාට වඩා අදට ලැබෙන වග මගේ විශ්වාසයයි.

  • සුදු වැද්දා comment by සමන් විහංග

    ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද අගනා පොත් අතරෙන් එකක් වන Wild White Boy පරිවර්තන තව කිහිපයක් මා දැක ඇත. එහෙත්, පාසලේදී' ගුරුවරයෙකුගේ පහර කෑමකට ලක් වීම නිසා දැඩි කම්පනයට පත් හෑන්ස් නමැති ලන්දේසි ළමයා පාසලෙන් හා තම නිවසෙන් පැන ආදා පටන් ඔහු මුහුණ දුන් අත්දැකීම් ඉතා මැනවින් තාත්වික ආකාරයට තැනට ගැලපෙන සිත් උද්දීපනය වන වචන යොදා ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ සුදු වැද්දා කෘතිය පරිවර්තනය කර ඇති ආකාරය වඩා සිත් බැඳ ගන්නා සුළුය. ඔබතුමාගේ පරිවර්තන රටාව ඉතා රසවත්ය. ස්තුතියි මහත්මයාණනි.

  • සිංහල භාෂාව comment by විමලදාස අතපත්තු

    ඔබතුමා අතින් ලියැවුණු සිංහල ව්‍යාකරණ වෙනුවෙන් ලියා ඇති අගනා කෘති එමෙන්ම අගනා ලිපි වලින් උපරිම පල නෙලා ගත් අපි ඔබට සදා ණය ගැති වෙමු. විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හදාරන අවදියේ අපට එම පොත් මහත් සේ උපකාර වුන බව මම ඉතා කෘතවේදීව මේ සටහනේ තබමි.

  • අල්විස් මහතාගේ සියලුම පරිවර්තන comment by මල්ලිකා ආර් පෙරේරා

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි ඔබතුමා දේශීය සාහිත්‍යට කර ඇති සේවය පරිවර්තන කෘති පමණක්ම නොවේ. සිංහල භාෂාව දැනුම වර්ධනය කරගැනීමට මෙන්ම භාෂාව නිවැරදිව යොදන ආකාරය අද බොහෝ දෙනා දන්නේ නැහැ. ඔබතුමා ඒ වෙනුවෙන් කළ සේවය අනුපමේයයි. ඔබතුමාට ඒ වෙනුවෙන් ලැබුණු ඇගයීම් තව මදිද යන්න මගේ පුද්ගලික අදහසයි. ඔබතුමාට දීර්ගායු ලැබේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • අහිංසකයා comment by Namali

    ක්‍රිස්ටීන් ස්පිට්ල් මහත්මිය විසින් රචනා කරන ලද ප්‍රේමචන්ද්‍ර අල්විස් විද්වතාණන් විසින් සිංහලට පරිවර්තනය කරන ලද අහිංසකයා ග්‍රන්ථය අද දේශපාලන බිමේ සිටින බොහෝ දෙනෙක් කිහිප වතාවක් වත් කියෙව්වා නම් හොඳ බව මගේ හැගීමයි.

  • පදරුත් විදි comment by අමල්

    පදරුත් විදි ඉතා හොඳින් සිංහල භාෂාවේ වචන යෙදුම් පාවිච්චි කරන ආකාරය ඔබතුමා ඉහාමත් හොඳින් පැහැදිලි කරනවා. ස්තුතියි ඔබතුමාට.

  • Appreciation to Mr Alwis comment by Bandula Perera

    Mr Premachandra Alwis please accept my sincerest appreciation for the great job you have been doing to all of Sri Lankans. Thank you Sir

  • DR R L Spittel Translations comment by Tyron

    ඔබතුමා සිංහලට පරිවර්තනය කරන ලද ස්පිට්ල් මහතාගේ කෘති තුනම මා සතුව ඇත. වන ගත ලංකා, සුදු වද්දා සහ ලක් බිමේ තවත් යුගයක්. මම මේ පොත් එක් වරකට වඩා කියවා තිබෙනවා. ඒ තරම්ම රසවත් සරල තේරෙන ආකාරයේ පරිවර්තන කෘති. තව තවත් එවන් වටිනා කෘති පරිවර්තනය කිරීමට ඔබතුමාට ශක්තිය වාසනාව ලැබේවා කියා ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා.

  • අගය කරමි ඔබතුමා කළ සේවය comment by පියසීලි විදානගේ

    ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාණනි ඉතා අගනා වටිනා කෘති රැසක් සිංහලට පරිවර්තනය කිරීමෙන් ඔබතුමා අප රටට හා විශේෂයෙන්ම අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කළ අනුපමේය සේවයට අපි ඉතා නිහතමානිව ඔබතුමාට ස්තුති කරමු. ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.

  • සත්ව විද්යාඥයකුගෙ කතන්දර comment by Nalin

    හරිම සුන්දර මතකයක් මට අවදි කළා මෙම පොත. අපේ පාසැලේ පුස්තකාලයේ සත්ව විද්යාඥයකුගෙ කතන්දර පොත් දෙකයි තිබුනේ. අපි පුතකාල වෙලාවට මේ පොත අල්ලා ගන්න දුවනවා. ඒ තරම් අපි පොඩි කාලේ මේ පොතට ආසා කළා. පාට පාට පින්තුරත් තිබුනා ලස්සනට සත්තු ගැන විස්තර තිබුනා. මට අහම්බෙන් වගේ ඔබතුමාගේ වෙබ් අඩවියට යන්න ලැබුනේ. ඔබතුමා මේ තරම් පොත් ප්‍රමාණයක් පරිවර්තනය කරලා කියල නම් මම දැනගෙන හිටියේ නෑ. පොත සහ ඔබතුමාගේ නම හොඳට මතක තිබුනා. මට දැන් වයස අවුරුදු 60 ක් වෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • මහාචාර්යතුමා අනුමත කරමි comment by සුගුනදාස

    මම ඔබතුමාගෙන් නිතරම සිංහල භාෂාව පිලිබඳ උපදෙස් ගත් කෙනෙක් බැවින් ඔබතුමාට මා හොඳින් මතක ඇති බව සිතමි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් තබා ඇති සටහනේ පහත කොටස මම නැවත නැවත අනුමත කරමි. බොහෝ ලේඛකයින්, පුවත්පත් කලාවේදීන් අල්විස් මහත්මයාට ගරු කෙරුවා මට මතකයි ද්වී භාෂික උගතෙක් නමින්. ඒ එක්කම සිංහල බස නිවැරදිව ලියන හැටි, සම්මතය නොවෙයි වඩාත් හොඳ සිංහලෙන් ලියන හැටි කියලා දුන්නා.

  • හරිත මං පෙත් comment by එම්. කේ. නෝනිස්

    ඒකාකාරී පරිවර්තන රටාවෙන් මිදුණු කියවන්නට ඉතා අසා කරන අගනා පරිවර්තනයකි. ගන වනය මැද ඒ ගත කළ ජීවිතය ඉතා රසවත් ආකාරයට විස්තර කර ඇත. මම කිහිප වතාවක්ම කියවූ පොතකි. මගේ මතකය නිවැරදි නම් මෙම පොත රාජ්‍ය සම්මානයට ද නිර්දේශ වූ පරිවර්තනයකි. ඔබතුමා ශ්‍රී ලංකේය සාහිත්‍ය කෙත බැබලවීමට කළ අගනා සේවයට ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි. නිරෝගී වේවා. තව බොහෝ කාලයක් අප අතරම පොත් අතරම ඉන්න ලැබේවා.

  • ලෝකෝපකාරය comment by ප්‍රියභාෂණ

    ලෝකෝපකාරය ඉංග්‍රීසි පරිවර්තන කිහිපයකම ඇත. සාර්ථක පහසු ජීවිතයක් ගත කිරීමට අගනා වටිනා විස්තර එහි ගැබ්ව ඇති බැවින් අද පරපුර කියවිය යුතු පොතකි. ඔබතුමාගේ පරිවර්තනයද ඉතා සාර්ථකය.

  • ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තන comment by ප්‍රේමසිරි

    ඔබතුමාගේ බොහෝ පරිවර්තන මා සතුව ඇත. ඒවා ඉතාම ආසාවෙන් රස විඳපු කෘති. ඉදිරි පරම්පරාවට මේ පොත් ඉතා වැදගත්..

  • නොක්ස් දුටු ලක් දිව comment by සමන්මලී අලහකෝන්

    නොක්ස් දුටු ලක් දිව ඉතාම අසාවෙන් කියවපු රස විඳපු පොතක්. ඔබතුමාට තුති

  • A Shining Beacon in the Sinhala Literary World comment by Rohini Dassanayake

    Reading Mr Alwis books was central to me gaining a deep appreciation for translated works. Through his works, many avid readers in Sri Lanka were able to catch a glimpse of foreign cultural gems. My mother and sisters are also huge fans of his work. We wish him all the very best for the future. We look forward to reading more of his translations in the future.

  • ද්වී භාෂා උගතෙකි comment by සමන් දොඩන්ගොඩ

    රටම අගය කරන ද්වී භාෂා උගතෙකි.

  • පදරුත් විදි comment by දොළපිහිල්ල

    අල්විස් මහතාණනි, ඔබතුමා ලංකාදීප පුවත් පතේ පදරුත් විදි නමින් පළ කල ලිපි මාලාව ඉදිරිපත් කරන කාලයේ මම ඔබතුමාට කිහිප වතාවක්ම දුරකතනයෙන් කතා කොට බොහෝ දේ ගැන සැක හැර ගත්තෙමි. ඔබතුමාට මා ගැන මතකද කියන්න මා දන්නේ නෑ. ඒ සෑම අවස්ථාවකම මට ඉතා නිරහංකාරව ඔබතුමා පිළිතුරු දුන්නා. මට කියන්න ඇත්තේ මෙපමණයි. මගෙත් ආයු ගෙන ඔබෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

  • Wana Wadunu Dosthara comment by Ariyadsa

    ඔබතුමාගේ සහ ක්‍රිස්ටීන් ස්පිට්ල් මැතිනියගේ අත්සන් සහිත වන වැදුණු දොස්තර පොත ඇතුළු ස්පිට්ල් මහතාගේ කෘති වල පරිවර්තන කෘති බොහොමයක් මා සතුව ඇත. මම බොහෝ පොත් වල මුල් කෘතියද කියවා ඇත. මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට ඔබතුමා අති දක්ෂ වී ඇත.

  • ලංකාවේ පෘතුගීසි යුගය comment by බෝපෙආරච්චි

    මෙය ඉතා අගනා පරිවර්තනයකි. උසස්පෙළ ඉතිහාසය හදාරන සිසුන් කියවිය යුතුම පොතකි.

  • නිවැරදි වහර පාඩම් මාලාව comment by ඒ. ටී. දයාවතී

    අල්විස් මහතාණනි, මම සිංහල භාෂාව උගන්වන පාසල් ගුරුවරියකි. මේ පාඩම් මාලාවෙන් මා ඉගෙන ගත් දේ බොහෝයි. ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි.

  • වන වැදුණු දොස්තර comment by ආර්. ඇම්. වගආරච්චි

    ඔබතුමාගේ වන වැදුණු කෘතිය කියවන විට මට දැනුනේ ස්පිට්ල් මහත්තයා සමග මමත් වනයේ ගමන් කරන බවකි. එතරම් තාත්වික බවෙන් පිරිලා. ඔබ තුමා කළ මාහැඟි සේවයට ඔබතුමාට පිං .

  • Lost in Shangri - La comment by Rasodi Naveesha

    Lost in shangrila is one of my favorite books. Thank you so much for translating it.

  • Far off things comment by Namalie Priyadarshani

    - Far off things - ක්‍රිස්ටීන් විල්සන් මහත්මියගේ අත්සනින් යුතුව මා ළග ඇති මෙම පොතෙහි නමේ අර්ථය "දුරස්ථ දේ " උවත් මගේ හදවතට නම් එහි ඇතුළත් දේ තව තවත් ළo වේ. Dr. ස්පිට්ල් මහතා ගැන ලියා ඇති විස්තරය ද එතුමා සිරිලක ගැන ලියා ඇති පද්‍ය පන්තියේ පරිවර්තනය ද අගනේය. පද්‍ය පන්තියෙන් මගේ රට ගැන ඇති ආදරය දෙගුණ තෙගුණ කරයි. වැද්දෝ, බැද්දේ නායකයෙක්, උලමා හෙවත් යක් කුරුල්ලා, කුමන, ගාල් වුණු ඇත්තු වැනි පරිච්ඡේද කියවීමෙන් වඩාත්ව පුළුල්ව සිතීමට, වනයට ආදරය කිරීමට, එම තැන්වල සoචාරය කිරීමට, සහකම්පනයෙන් යුතුව අපේ ආදි වාසීන් ගැන, සතා සිවුපාවා ගැන සිතීමට අප පෙළඹුණා. අපේ දරුවන් පවා හැඩගැසුණා. ඒ පරිවර්තන සියල්ල සිදු වූයේ මේ වටිනා පොත් කියවීමෙන්. ඒ පින ඔබට අයිතියී.

  • පුරුදු පාර comment by Namalie Priyadarshani

    පුරුදු පාර 1 පරිච්ඡේදය 24 පිටුව - පුත්තලම - අනුරාධපුර මාර්ගයේ "සර සර" හඩ නගන වලි කුකුළන් , තබ්බෝව වැව අසල මුවා හා මුවැත්තිය වනය පිළිබඳව කතුවරයා කර ඇති වර්ණනය සජීවී චිත්ත රූප මවයි. අපවද කැදවාගෙන යයි. එලෙසම කැප්ටන් ඩෝසන් කුලුන අසලදී එළිය සැපයූ දරුවාත්, ඔහුගේ සුරතල් මයිනාත් ,"පලයන් යකෝ" කීමට පෙර එතනන් ඉවත් වූ කතුවරයාත් අප තුළ හාස්‍ය රසය ජනිත කරවයි. මේ පරිච්ඡේදය ඉතා රසයි

Tags:ප්‍රේමචන්ද්‍ර අල්විස්, මාධ්‍යවේදී, භාෂා පරිවර්තක
  • Share:
Copyright © 2022 www.premachandraalwis.lk. All rights reserved